“ කහ විකිණීමට තිබේ“ හලාවත පොලීසිය

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ කහ කිලෝ ග්‍රෑම් 700ක් සහ කරවල කිලෝ ග්‍රෑම් 600ක් අත්අඩංගුවට ගෙන සගවා දමා පසුව එම ද්‍රව්‍ය ප්‍රවාහණය කල පුද්ගලයන් දෙදෙන සොරකමක් කර ඇති බවට චෝදනා කරමින් පුද්ගලයන් දෙදෙනෙකු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධී ලෙස භාණ්ඩ ගෙන්වන ජාවාරම් කරුවෙකුට අයත් මෙම කහ සහ කරවල තොගයක් පසුගිය දා කොළඹට ප්‍රවාහන කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සමග දැදුරු ඔය මාර්ග බාධකයේදී හලාවත පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

පසුව අදාල වහනය සහ සැකකරුවන් සමග කහ කිලෝ ග්‍රෑම් 700 සහ කරවල කිලෝ ග්‍රෑම් 600 හලාවත පොලිස් ජංගම රථයට බාරදී ඇත්තේ හලාවත පොලීසියට ගෙනයන ලෙස දැනුම් දෙමිනි. එහෙත් ජංගම රථයේ නිළදාරීන් අදාල සැකකරුවන් පන්නා දැමා කහ සහ කරවල තොගය රැගෙන ගොස් සවාගන තිබේ.
පසුව මෙම කාරණය ඉහත සදහන් සැකරකරුවන් දෙදෙනා අදාල ජාවාරම්කරුට පැවසීමෙන් පසු ජාවාරම් කරු විසින් ඉහල පොලිස් නිලධාරියෙකුට මෙම සිද්ධිය දැනුම් දී ඇත. ඉන්පසු නැවත හලාවත පොලීසිය මෙම කහ ප්‍රවාහනය කල පුද්ගලයන් දෙදනො පොලීසියට ගෙන්වා භාණ්ඩ සොරකමකට අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත් පොලිස් භාරයට පත්ව සගවාගෙන සිටින කහ තොගය සහ කරවල තොගය මෙතෙක් සොයාගැනීමට නොහැකිවී ඇති අතර මෙරටට නිති විරෝධීව ද්‍රව්‍ය ගෙන්වා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අදාල ජාවාරම් කරුට එරෙහිව මෙතෙක් නීතිමය පියවරක් ගෙන නැත.

– ධනූ රාමවික්‍රම (rate katha)

Leave A Reply

Your email address will not be published.

nineteen + four =