“කුඩු කාරයො, කැසිනෝ කාරයො, කසිප්පු කාරයෝ පක්‍ෂයට ගෙනත් විනාශ කළා”

- හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අද ඔන්ලයින් තාක්ෂනය ඔස්සේ පැවතී අතර මෙහිදී ඊට සමගාමීව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාමත් දුර්වල තත්ත්වයට පත්වී ඇති බව පැවසීය.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරය වෙනුවෙන් සිය ෆේස්බුක් පිටුව හරහා එක්වෙමින් මේ බව සඳහන් කර ඇත.

එහි වැඩිදුරටත් දක්වමින්,
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ වන සංවත්සරය සමරන අවස්ථාව වන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාමත් දුර්වල තත්ත්වයට පත්ව තිබේ. වත්මන් පක්ෂ නායකයන් විසින් අප ආදරණීය පක්ෂයට සිදු කර තිබෙන විනාශය දෙස ඉතාමත් වේදනාවෙන් බලා සිටිමින්, සැබෑ බණඩාරනායක ප්‍රතිපත්ති සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණයෙන් පක්ෂය බේරාගෙන, ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට නායකත්වය ගන්නා මෙන් දිවයින පුරා විසිරී සිටින සියලුම සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට මම ඉතා ඕනෑකමින් ආරාධනා කර සිටිමි.”

මට පස්සේ ආපු නායකයො දෙන්නම ශ්‍රීලනිපය විනාශ කිරීමට වගකිව යුතුයි. එක්කෙනෙක් ගෙනාවා ලංකාවේ ඉන්න ලොකුම කැසිනෝ කාරයෝ, ලොකුම කුඩුකාරයො, ලොකුම කුඩු කාරයො දෙන්න , ලොකුම කසිප්පුකාරයන්, පක්ෂයට ගෙනල්ල පාර්ලිමේන්තුවට ගෙනල්ල ලොකු ලොකු තනතුරු දීලා එවැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් බවට මේක පත් කළා. එදා මට LTTE තර්ජන තියෙද්දි මගේ ආරක්ෂාව අයින් කළා. එහෙම කළේ එක අරමුණකින්.

ජීවතුන් අතර හිටපු ශ්‍රීලනිපයට නායකත්වයක් දෙන්න පුළුවන් එකම බණ්ඩාරනායක විනාශකළ යුතුයි කියල මාව විනාශ කරන්න හැදුවෙ. නමුත් මට එහෙම කරන්න බැරිවුනා. මම නැවත පක්ෂය ගොඩගන්න 2015 ආව නමුත් 2016 පස්සෙ සිරිසේන මහත්තය එක්ක එකතුවෙලා ශ්‍රීලනිපය ඉදිරියට ගෙනියන එක නවත්වන්න කියල මටත් කිව්වා. ඊළඟට මාව පක්‍ෂයෙන් ඈත් කළා. නමුත් අදටත් මේ පක්ෂය සම්පුර්ණයෙන් විනාශ කරන්න කාටවත් බෑ. නිර්මල මිනිසුන් කිහිපදෙනෙකුගේ ලෙයින් සනිටුහන් කරපු ඉතිහාසයක් තියන මේ පක්ෂය විනාශ කරන්න බෑ. මම නැති උනත් අංකුර ලියලනව ඒ ඊළඟ පරපුර හදන්න මම උර දෙනවා.”

 

Leave A Reply

Your email address will not be published.

one × 1 =