හෙට විසිකරන මස් කට්ට ලෙවකන්නේ නැති සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ඇති කරමු

හෙට විසිකරන මස් කට්ට ලෙවකන්නේ නැති සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ඇති කරමු.

ලංකාවම විනාශයට යද්දී ලංකාවේ සමාජ මාධ්‍ය ‘පහන්තුඩාව වටේ නටමින් සිටී.

අද ලෝක ප්‍රවෘත්තිවල ‘ආසියාවේ අංක එක ප්‍රවෘත්තිය ‘ලංකාවේ ආහාර, කෘෂිකර්ම, ඩොලර් අර්බුදය‘ යි.

ලංකාවේ සමාජ මාධ්‍ය අංක එකේ ප්‍රවෘත්තිය ‘පහන්තුඩාව‘ වේ පොලිස් පරීක්ෂණය යි.

ජනතා අවධානය වෙනතක යොමු කිරීමේ මාධ්‍ය මෙහෙයුම රජය කදිමට රඟ දක්වමින් සිටී. කුණු රසය, සංවේදී මාතෘකා කරලියට ගෙන ඒම සිදුවන්නේ එකම පැත්තකිනි.

බෙලිහුල්ඔය කාම විඩියෝව ඔය ආකාරයේ පළමු වැන්න නොවේ. මීමුරේ දී ද මේ දෙදෙනා විඩියෝවක් රූගත කර අන්තර් ජාලයට දමා තිබුණි. (ඡායාරූපය රිපෝට් විය හැකි නිසා පළ කරන්නේ නැත. අවශ්‍ය අය විමසන්න) මේ විඩියෝව ගැන ඉහළම ප්‍රචාරය දුන්නේ ආණ්ඩුවේ ප්‍රචාරක ව්‍යාපෘතියේ උදවිය යි.

ආහාර හිඟය, ගෑස්, පොහොර, ඖෂධ, දරුවන්ගේ අධ්‍යාපනය, දහසකුත් එකක් රටේ ප්‍රශ්න සියල්ල අමතකය. චමීර කොස්වත්ත, අමිල, වසන්ත, කාටවත් මතක නැත. ඇන්ටිජන් හොරකම මතක නැත. විෂ පොල්තෙල් මතක නැත. නැවේ වන්දිය මතක නැත. පාස්කු ප්‍රහාරය ගැන කිව්ව මිනිහා දවස් 7 ක් රහස් පොලීසියේය.

ඉරාජ් ගේ ගොසිප්, වොකිං පාත්, දෙරණ හැකින්, පහන්තුඩාව, සීනි ඇල්ලිල්ල, මේ සියල්ල එකම තැනකින් මෙහෙයවන සමාජ මාධ්‍ය සංදර්ශන බව බොහෝ දෙනාට තවමත් අවබෝධ වී නැත. අවසානාවකට රටේ ඇති තරම් ප්‍රශ්න තිබිය දී විපක්ෂය ද හැමදාම වැටෙන්නේ මේ ප්‍රචාරක ව්‍යාපාරයටමය.

විහිළුවක් කර ගත් ඛෙදවාචකය

ආණ්ඩුවේ මාධ්‍ය ඔස්තාර්වරුන් මෙහෙයවන මේ වැඩේ ඉස්සරහට අරගෙන යන්නේ විපක්ෂයේ වොයිස් කට් දේශපාලනඥයින් හා ඔවුන්ගේ සමාජ මාධ්‍ය කණ්ඩායම් ය. සූප්පු කරන්නට රෑට විසි කරන මස් කට්ට ඊලඟ දවසේ එක එකා පරදා රස කිරීම සමාජයේ සැබෑ ප්‍රශ්ණ අමතක කිරීමේ මාවතයි.

අද දේශපාලනයේ එදාවේල ගත කරන්නේ සැබෑ ප්‍රශ්න වෙනතකට යොමු කිරීමෙනි. පාසල් දරුවන්ට උගන්වන ක්‍රමයක් නැත. රටේ ආහාර හිඟයක් ය. ගෑස් තවම නැත. ඖෂධ නැත. කතා කරන එකා රහස් පොලිසියේය. විපක්ෂයේ ක්‍රියාකාරීන් හිරගෙවල්වලය. ගොවිතැන විනාශය. එළවළු ටික, මාළු ටික බෙදාගත නොහැකිය.

ඊයේ දවසේ විතරක් රු. මිලියන 6000 ක් අච්චු ගසා තියෙනවා. බඩු මිල ඉහළ යන්නේ ඒ නිස යි.

ජනතා අවධානය වෙනතක යොමු කර දේශපාලන බලය ඇල්ලීම ගැන අපූරු චිත්‍රපටියක් නෙට්ෆිල්ක් හි ඇත. The Perfect Dictatorship බලන්න. සැබෑ ප්‍රශ්නය යට ගසා බලය රැකගන්නා හැටි එහි අපූරුවට සිතුවම් කර ඇත.
ලෝකයම කතා කරන්නේ ආහාර හිඟය නිසා හදිසි නීතිය දැමූ ලංකාව ගැනය. කෝවිඩ් නිසා කන්න නැති රටක් බවට පත්වෙමින් සිටින ලංකාව ගැන යුරෝපය පුරා ජනමධ්‍ය අද වාර්තා ලියන්නේය.

ආණ්ඩුවේ ප්‍රචාරක ව්‍යාපාරයෙන් මිදිය නොහැකි සමාජ මාධ්‍යයට රටේ සුබසෙත සඳහා කළ හැකි බම්බුවක් නැත. ආණ්ඩුව කපන වලට නොවැටී සිටීම විපක්ෂයේ ද සමාජ මාධ්‍යයේ ද පළමු වගකීම යි.

අඩුම ගානේ හෙට උදේ ට ආණ්ඩුව සමාජ මාධ්‍යයට දෙන ලණුව ගිලින්නේ නැතිව තමන්ගේ ප්‍රශ්නයක්, රටේ ප්‍රශ්නයක් කථා කිරීම වැදගත්ය.

අද උදේට විසි කළ රූපලාවන්‍යාගාරයේ තරුණියගේ මස් කට්ට ලෙවකන්න යන්න එපා! (මේ අදහස ශෙයා කරන්න)

– රජිත් කීර්ති තෙන්නකෝන්

facebook අදින ලද කාටුනයක්

Leave A Reply

Your email address will not be published.

3 × 4 =