ලොව අංක එකේ වනජීවී ඡායාරූප තරගයෙන් ලාංකීකයන් දෙදෙනෙකුට සුවිශේෂි ජයග්‍රහණ දෙකක්!

ලෝක ඡායාරූප ශිල්පින්ගේ සිහිනයක් බඳූ වූ bbc wildlife photographer of the year 2021 තරගයේ ප්‍රදර්ශන මට්ටමට හා ජුරියේ විශේෂ පැසසුමට (Highly Commended) ලක්වීමට ශ්‍රී ලාංකීක ඡායාරූප ශීල්පිණීයකට හා මෙරට ළාබල ඡායාරූප ශිල්පියෙකුට මෙවර හැකියාව ලැබි ඇත.

ඒ බුද්ධිලිනි ඩී සොයිසා හා ගඟන වික්‍රමසිංහ යන දෙදෙනාට ය. මෙම දෙදෙනාගේ ඡායාරූප හැරෙන්ට මෙම තරගය සඳහා මීට පෙර මෙවැනි ජයග්‍රහණයකට උරුමකම් කියු (2002) එකම ශ්‍රී ලාංකීයා වුයේ රුක්ෂන් ජයවර්ධන මහතා ය. ඒ මහතාගෙන් පසුව මේ සඳහා මේ ආකාර සුදුසුකමක් ලද දෙවැනි හා තෙවැනි ශ්‍රී ලාංකීකයන්වන්නේ බුද්ධිනී හා ගඟන ය.
බුද්ධිලිනි ඩී සොයිසා මහත්මියගේ ‘A Great Swim’ නමින් පළ කරන ලද ඡායාරූපය හා ගඟන වික්‍රමසිංහගේ ‘Lockdown chicks’ නමින් පළ කරන ලඳ ඡායාරූපය මෙවර අංශ දෙකක් යටතේ ජුරියේ විශේෂ පැසසුමට ලක්ව ඇත.
මෙය රටක් හැටියට අප ලැබු සුවිශේෂීම ජයග්‍රහණයකි.ලොව පුරා අති දක්ෂ ඡායාරූප ශීල්පින්ගේ ඡායාරූප 55000ක් අතරින් මෙම ඡායාරූප යුගලය අවසන් කිහිපය අතරට පැමිණ ඇත.
මෙහි තවත් විශේෂත්වය වන්නේ ගඟන වයස අවුරැදු 11ක කුඩා දරැවෙකු වීම ය.
ගඟන ලංකාවේ ප්‍රවීන උරග හා උභය ජීවී විද්‍යාඥණයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතාගේ කනිටු පුත්‍රයා ය.
– නයනක රන්වැල්ල (fb)

වයස අවුරුදු10 ක් තරම් පුංචි ගඟන වික්‍රමසිංහ wildlife photographer of the year 2021 ජූරියේ පැසසුමට

ලෝකයේ විශිෂ්ටතම ඡායාරූප සදහා වු තරගයක් වන එයට ප්‍රදර්ශනය සදහා
සිය ඡායාරූපය තැබීමම ඔහු හෝ ඇය ලබන එක්තරා ආකාරයක යමි ජයග්‍රහණයකි. ජූරියේ විශේෂ අවධානයට හා පැසසුමට ලක්වෙනවා යනු හේ විශිෂ්ට ඡායාරූපකරනයක් සදහා අත්පොත් තැබුවාක් වැන්න. එයද වයස අවුරුදු 10 දී තරම් පුංචි වයසක. මේ වසරේදී wildlife photographer of the year සදහා රටවල් 90 තරගකරුවෝ ඡයාරූප 50,000 කටත් වඩා ඉදිරිපක් කර තිබීමෙන් තරගයේ තියුනු බව අපිට වටහා ගත හැකිය
BBC පුවත් සේවයට අනුව ශ්‍රී ලංකාවේ ගඟන වික්‍රමසිංහට මේ පුංචි කුරුල්ලන්ට කැම කවන්නේ පැටවුන්ගේ පියාය. මක් නිසාද ගඟන මෙම ඡායාරූපය රැගෙන තිබුනේ තම නිවසේ බැල්කනියේ සිටය ඔහු පුංචි පැටවුන් සමග පුවක් ගසේ බෙනයේ ඇතුලත සිටින ගිරවිය කෙසේ හෝ දැක ඇත. පුංචි දරුවා සිය ඡායාරුව නම් කර ඇත්තේ Lockdown chicks යනුවෙනි. ගඟනගේ මේ ඡායාරුව බොහෝ ජාත්‍යන්තර මාධ්‍යවල පලවී තිබිනි.
BBC යට අනුව වසරේ වනජීවී ඡායාරූප ශිල්පියාගේ තරඟයේ සමස්ත ජයග්‍රාහකයින් ඔක්තෝම්බර් 12 අඟහරුවාදා පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවයකදී ප්‍රකාශයට පත් කෙරේ.
– උපාලි ජයසිංහ

‘A Great Swim’

‘Lockdown chicks’

ගඟන වික්‍රමසිංහ  

බුද්ධිලිනි ඩී සොයිසා                                                                                                                                                                                                                            

 

Leave A Reply

Your email address will not be published.

two × two =