විෂ්මා සඳමාලිගේ මරණයට හේතුව හෙළි කරයි…!

ශ්‍රී ලාංකික කාන්තාවක් වන රත්නායක ලියනගේ විෂ්මා සඳමාලි සිය ජපන් වීසා බලපත්‍රයේ අදාළ කාලය ඉක්මවා එම රටේ නීනි උල්ලංඝනය කිරීම හේතුවෙන් රදවා ගෙනතිබේ. ජනවාරි මස මැද භාගයේ සිට ඇයට පවතින බඩේ වේදනාව සහ අනෙකුත් රෝග ලක්‍ෂණ ගැන කිහිප අවස්ථාවකදී පැමිණිලි කිරීමෙන් අනතුරුව පසුගිය මාර්තු 6 දා ඇය මිය ගිය බව වාර්තා වන්නේය.

රඳවා ගැනීමේදී හෝ රඳවා තබා ගෙන සිටියදී සිදු වූ මෙම මරණය පිළිබඳ වාර්‍තාවක් අගෝස්තු මස එකොලොස් වනදා අඟහරුවාදා නිකුත් කෙරිණි. මෙහිදී ජපානයේ ආගමන සේවා ඒජන්සිය, රැඳවියන් සඳහා වූ “එහි වෛද්‍ය සේවා පද්ධතියේ” අඩුපාඩු තිබූ බව ජපානයේ අධිකරණ ඇමති යෝකෝ කමිකාව (Yoko Kamikawa) පිළිගෙන ඇලි බවත් තවද, ජපානයේ නගොයා රැඳවුම් මධ්‍යස්ථානයේ ඉහළ නිලධාරීන්ට අධිකරණ ඇමති අවවාද කර ඇතිබවද The Japan Times පෙන්වා දෙන්නේය.

මෙය අනුව, රත්නායක ලියනගේ විෂ්මා සඳමාලිට ප්‍රතිකාර කිරීම ගැන අධිකරණ ඇමති යෝකෝ කමිකාව (Yoko Kamikawa) මියගිය තැනැත්තියගේ පාර්ශවයෙන් සමාව අයැද පවසා ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා නැවත නැවතත් ඇය ඉල්ලීම් කළත්, ඇයව රදවා සිටි සිර මැදිරියේදීම ඇයව මියයාමට ඉඩ හැර අදාළ නිළධාරීන් සිරකරුවෙකු වෙනුවෙන් ගතයුතු පියවරයන් නිසි පරිදි ගැනීමට අපොහොසත් වී ඇති බවයි.

කෙසේ වෙතත්,නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා පෙන්වාදෙන පරිදි කිසිදු පුද්ගලයෙකුට වරද පැටවීමක් මෙහිදී සිදු නොකළ බවත් ආගමන පද්ධතිය සමඟ ඇති සමහර පද්ධතිමය ගැටලු පිළිබඳව ද එය අවධානය යොමු නොකළ බව ද ස‍‍දහන්වේ.

– අශෝක පීරිස් (fb)

Leave A Reply

Your email address will not be published.

6 + 2 =