“පවතින ඇඳිරි නීතිය තවත් සති 2කින් දීර්ඝ කළ යුතුයි;”

- සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

මේ වන විට ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් ඇති කොවිඩ් වසංගතය පාලනය කිරීම උදෙසා තවත් සති දෙකෛන් පමණ ඇඳිරි නීතිය දීර්ඝ කළ යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

අද (01) දින රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලට සිදුකළ උපකරණ පරිත්‍යාගයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් රාජ්‍ය ඇමතිනිය මේ බව පැවසීය.
මේ වන විට සෞඛ්‍ය අංශ තොරතුරු වලට අනුව ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ රට තුල හඳුනානොගත් කොවිඩ් ආසාදිතයින් 50,000ක් පමණ සමාජයේ සිටිය හැකි බව ද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිනිය පවසයි.

ඇය අවධාරණය කර සිටින්නේ ජනතාව සැමවිටම ස්වයං විනයක් ඇතිව සෞඛ්‍ය පුරුදුවලට අනුගතව කටයුතු කිරීමෙන් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා විය හැකි බවයි.

Leave A Reply

Your email address will not be published.

5 × one =