මෙරට කොවිඩ් මරණ 9000 ස ඉක්මවයි, ඊයේ (30) 194 ක්

ඊයේ (30)දිනය තුළ කොවිඩ් ආසාදිතවූ තවත් 194 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (31) තහවුරු කළේය.

මේ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 9,185 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 146 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 45 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු තිදෙනෙක් ද ඒ අතර වෙති.

 

Leave A Reply

Your email address will not be published.

twenty + twenty =