වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හෙට(31) CID යට කැඳවයි

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හෙට(31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) හමුවට කැඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය රසිත විජේවර්ධන සහ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති උත්පල චන්ද්‍රවංශ විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවය.

ඖෂධ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක දී කළ විග්‍රහයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ට දැනුම්දීමක් කර ඇති බවද පැවසෙයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වාර්තා මකා දැමීමේ සිද්ධිය මෙන්ම ඖෂධ නිෂ්පාදනය පිළිබඳව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරෙනු ඇති බවද වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.

two × 2 =