පොහොට්ටු මන්ත්‍රී තරුණයෙකුට පහරදෙයි, “අපි නම් දන්නේ නෑ“ දඹුල්ල පොලීසිය කියයි

“එන්නත් ලබා දෙන තැන ප්‍රාදේශීය සභා මන්ත්‍රී මොකද කරන්නේ“ යනුවෙන් facebook  සටහනක් යෙදූ  දඹුල්ලේ සමන් නැමති තරුණයෙකු ඉකුත් අගෝස්තු 27දා දඹුල්ල, වැලිහේන කොවිඩ් එන්නත් මධ්‍යස්ථානයේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ පහර කෑමට ලක්ව ඇත.

මෙම පහර දීම සිදුකර ඇත්තේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ දඹුල්ල පැල්වැහැර ප්‍රදේශය නියෝජනය කරන සම්පත් කරුණාරත්න නැමති ප්‍රදේශීයසභා මන්ත්‍රීවරයෙකි.

මෙම පහරදීම සම්බන්ධයෙන් අදාළ තරුණයා cza /1/ 215 484  දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

“එන්නත් විදිම තැන මන්ත්‍රීවරයෙක් මොකද කරන්නේ“ යනුවෙන් සටහනක් සමාජ ජාලයේ බෙදාහැරියේ ඇයි දැයි විමසමින් බෙල්ලෙන් අල්ලා එන්නත් මධ්‍යස්ථානයේ ගේට්ටුවට හිර කර  පහර දුන් බව මෙම තරුණයා ප්‍රකාශකර ඇත.

අදාල පහරදිම සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මේ සම්බන්ධයෙන් දඹුල්ල පොලීසියෙන් කල විමසීමේදී එහි නිලධාරියෙකු සදහන් කලේ තමන්ට එවැනි පැමිණිල්ලක් ලැබී නැති බවත් එවන් පහරදීමක් සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවත්ය.

– වසන්ත මොහොට්ටාල (දඹුල්ල)

Leave A Reply

Your email address will not be published.

5 + six =