ඊයේ (28) දින කොවිඩ් මරණ 192 ක්

ඊයේ (28) දින කොවිඩ් මරණ 192 ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (29) තහවුරු කර තිබේ.

මෙම මරණ 192ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,775ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

මියගිය අයගෙන් 156 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 39 දෙනෙක් ද වෙති.

 

Leave A Reply

Your email address will not be published.

13 − three =