ඇෆ්ගනිස්ථානයේ අර්බුදය උත්සන්න කරන කාබුල් හි ISIS ප්‍රහාර

පසුගිය 26දා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වූයේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් හි හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ‘අබේ’ දොරටුව අසලදීයි. ඉන්පසු ගුවන්තොටුපළ ආශ්‍රිත පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස ඇමෙරිකාව හා බි්‍රතාන්‍යය සිය වැසියන්ට අනතුරු ඇඟවීමක් සිදු කළේය. ඒ, කාබුල් ගුවන්තොටුපළට යළිත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ දැඩි තර්ජනයක් පවතින බව පවසමිනි.

මෙම අනතුරු ඇඟවීම නිකුත් කරන විට ඇෆ්ගනිස්ථානයෙන් පිටව යාම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් කාබුල් ගුවන්තොටුපළ ඇතුළත සහ පිටත රැඳී සිටියහ.

ඇෆ්ගනිස්ථානයේ පිපුරුම දුටු එක් සාක්ෂිකරුවෙක් මාධ්‍යයට පවසා තිබුණේ, “ප්ලාස්ටික් බෑග් ගසාගෙන එන සුළි කුණාටුවක් මෙන් සිරුරු සහ ශරීර කොටස් අහසේ පියාසර කරන ආකාරය මම දුටුවෙමි” යනුවෙනි..

පසුගිය දින 10 තුළ කාබුල් නුවරින් ඉවත් කර ගැනුණු පුද්ගලයන් සංඛ්‍යාව 82,000කට අධික ය. අගෝස්තු 31 වනදාට පෙර ඇෆ්ගනිස්ථානයෙන් සිය වැසියන් ඉවත් කර ගැනීම සඳහා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැඩි ප්‍රයත්නයක නිරතව සිටී. සිය වැසියන් ඉවත් කර ගැනීම සඳහා එම රටවලට ලබාදී ඇති කාලය අගෝස්තු 31 වනදායින් පසු යළි දීර්ඝ නොකරන බවයි තලේබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පළමු ප්‍රහාරයෙන් පසු දෙවන වරටත් පිපිරීමක් සහ වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි. මෙම පිපිරීම් දෙකම සිදුව ඇත්තේ, පසුගිය දින කිහිපයේම ඇෆ්ගනිස්ථාන සරණාගතයන් විශාල සංඛ්‍යාවක් රැස්ව සිටි ගුවන්තොටුපළේ ‘අබේ’ දොරටුව අසලය.

කාබුල්හි හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අබේ දොරටුව අසලදී සිදු වූ ඉස්ලාමීය රාජ්‍ය මරාගෙන මැරෙන බෝම්බකරු එක්සත් ජනපද සොල්දාදුවන් 13 දෙනකු ඇතුළුව 85 දෙනකු ජීවිතක්ෂයට පත් කළේය.

පිපුරුමට පෙර බ්‍රහස්පතින්දා සවස ගුවන්තොටුපළෙන් පිටත ප්‍රදේශයේ පිපිරීම් දෙකක් සහ වෙඩි හුවමාරුවක් සිදුවූ බව පවසනවා. පිපුරුමෙන් පසුව ඇෆ්ගන් මාධ්‍යවේදීන් විසින් රූගත කරන ලද වීඩියෝ පටයක දැක්වෙන්නේ ගුවන්තොටුපළ මායිමේ ඇළක් වටා සිරුරු දුසිම් ගණනක් විසිරී තිබූ ආකාරයයි.

සෞඛ්‍ය නිලධාරියකු සහ තලේබාන් නිලධාරියකු පැවසුවේ, තලේබාන් සාමාජිකයන් 28 දෙනකු ඇතුළුව මියගිය ඇෆ්ගන් ජාතිකයන් සංඛ්‍යාව 72ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එක්සත් ජනපද හමුදාව පැවසුවේ එහි සේවකයන් 13 දෙනකු මිය ගිය බවයි.

“ඇමරිකානු හමුදාව සමඟ පරිවර්තකයන් සහ හවුල්කරුවන්” ඉලක්ක කරගත් බව තලේබාන් සංවිධානයේ සතුරෙකු බව කියන ඉස්ලාමීය රාජ්‍යය (ISIS) ප්‍රකාශ කර ඇත. ඔවුන් එක්සත් ජනපද නිලධාරීන් කණ්ඩායමට දොස් පවරමින් පළිගන්නා බවද ප්‍රකාශ කර ඇත.

ගුවන්තොටුපළ ඉලක්ක කරගත් රොකට් හෝ බෝම්බ ප්‍රහාර ඇතුළු ඉස්ලාමීය රාජ්‍යය විසින් එල්ල කරන ලද තවත් ප්‍රහාර සඳහා එක්සත් ජනපද අණදෙන නිලධාරීන් සීරුවෙන් සිටින බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන ප්‍රධානී ජෙනරාල් ෆ්රෑන්ක් මැකෙන්සි පවසා තිබුණා.

“සූදානම් වීම සඳහා කළ හැකි සෑම දෙයක්ම අපි කරමින් සිටිමු” යනුවෙන් ඔහු පැවසූ අතර, තලේබාන් සංවිධානය සමඟ යම් බුද්ධි තොරතුරු හුවමාරු වෙමින් පවතින බවත් “සමහර ප්‍රහාර ඔවුන් විසින් වළක්වාලනු ලැබූ” බව තමා විශ්වාස කරන බවත් ඔහු කියා තිබෙනවා.

“අප සමාව නොදෙනු ඇත. අපට අමතක නොවේ. අපි ඔබව දඩයම් කර ඔබට ගෙවීමට සලස්වන්නෙමු”යි යනුවෙන් ධවල මන්දිරයේ රූපවාහිනී විකාශනයේදී ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබුණා.

ඇෆ්ගනිස්ථානයේ පිපුරුම දුටු එක් සාක්ෂිකරුවෙක් මාධ්‍යයට පවසා තිබුණේ, “ප්ලාස්ටික් බෑග් ගසාගෙන එන සුළි කුණාටුවක් මෙන් සිරුරු සහ ශරීර කොටස් අහසේ පියාසර කරන ආකාරය මම දුටුවෙමි” යනුවෙනි.

වයස අවුරුදු 24ක් වූ සිවිල් ඉංජිනේරුවකු වන සුබෙයාර් පැවසුවේ, පුපුරන ද්‍රව්‍ය පුපුරුවා හරින ලද මරාගෙන මැරෙන බෝම්බකරුවකුට ඔහු සමීපව සිටි බවයි. “පිරිමින්, කාන්තාවන් සහ ළමයින් කෑගසමින් සිටියා. තුවාළ ලැබූ බොහෝ පුද්ගලයන් පිරිමින්, කාන්තාවන් සහ ළමයින්  පෞද්ගලික වාහනවලට පටවා රෝහල් වෙත ගෙන යන අයුරු මම දැක්කා” යි ඔහු පවසනවා.

“ගුවන්තොටුපළ පිපිරීමෙන් ඇමරිකානුවන්ට වඩා වැඩි පිරිසක් අපට අහිමි වී ඇත” යනුවෙන් තලේබාන් නිලධාරියෙක් පැවසූ අතර “විදේශ රටවල් විසින් සකස් කරන ලද අවුල්සහගත ඉවත් කිරීමේ සැලැස්මට තලේබාන් සංවිධානය වගකිව යුතු නැතැ”යි ඔහු පවසා ඇත.

කාබුල්හි නේටෝ රාජ්‍ය තානාපති නිලධාරියකු පැවසුවේ, අගෝස්තු 30 වන විට සියලුම විදේශ රටවල් තම පුරවැසියන් සහ තානාපති කාර්යාල සේවකයන් ඉවත් කර ගැනීමට අරමුණු කර ඇති බවයි. හඳුනා ගැනීම ප්‍රතික්ෂේප කළ එම තානාපතිවරයා රොයිටර් මාධ්‍යයට පැවසුවේ තලේබාන් සංවිධානය ගුවන්තොටුපළ අවට ආරක්ෂාව තර කරන බවයි.

තලේබාන් සංවිධානය ඉස්ලාමීය රාජ්‍ය ජාලය පිළිබඳව සොයාබැලිය යුතු බව පැවසූ එම රාජ්‍ය තාන්ත්‍රිකයා ‘ආරක්ෂාව ඔවුන්ගේ වගකීම’ බවයි. පාලක තලේබාන් සංවිධානය පවසන්නේ ත්‍රස්තවාදීන් විසින් රට භාවිතා කිරීමට ඉඩ නොතබන බවය.

තවදුරටත් ප්‍රහාර එල්ල වීමේ තර්ජනය නොතකා එක්සත් ජනපදය ඉවත් කිරීම් ඉදිරියට ගෙන යන බවත් ඇෆ්ගනිස්ථානයේ තවමත් එක්සත් ජනපද පුරවැසියන් 1000 ක් පමණ සිටින බව සඳහන්. සිකුරාදා ඉවත් කිරීමේ ගුවන් ගමන් ප්‍රමාණය වේගයෙන් ඉහළ ගොස් ඇති අතර ඇමෙරිකානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ගුවන්තොටුපොළ සංකීර්ණයට ඇතුළු වීමට අවසර දී තිබූ බව ගුවන්තොටුපොළ තුළ ස්ථානගතව සිටි බටහිර ආරක්ෂක නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

ශාලික විමලසේන

 

 

 

Leave A Reply

Your email address will not be published.

nineteen − eight =