පිල්ලෙයාන් හමුවෙන්න මහින්ද මඩකලපුව බන්ධනාගාරයට යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ  බන්ධනාගාරගතව සිටින පිල්ලයාන් හෙවත් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හමුවීමට ගොස් ඇති බව වාර්තා වේ.

 මහින්ද රාජපක්ෂ මෙලෙස නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්  හමු වූයේ මඩකලපුව බන්ධනාගාරයේදීය.

එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසා සිටියේ “අපි දීපාවලියට සුබ පතනවා. ඒ වගේම වතුකරයේ කණගාටුදායක සිද්ධියක් තියනවා. වෙනදාට දීපාවලි ඇඩ්වාන්ස් එකක් දෙනවා. ඒ ඇඩ්වාන්ස් එක අද වෙනකන් දීලා නෑ වතුකම්කරුවන්ට. ඉතින් අපි ඒකටත් විරෝධය පළ කරමින් අද මේ ස්ථානයට ආවා පිල්ලයාන් මහත්තයා බලන්න. ඊයේ රැස්වීමක් තිබුණේ එහිදී ඔහුගේ දෙමාපියන් හමුවුණා. අද ඔහුව බලලා සුවදුක් බලාගෙන යනවා. ඇත්ත වශයෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවට අපි කියනවා මේ පාර හරි තීන්දුව ගන්න. වැරදි තීන්දු ගන්නේ නැතුව කියලා.” යනුවෙනි.

පිල්ලෙයාන් මේ ආකාරයට බන්ධනාගාර ගතකර සිටින්නේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසේකරම් ඝාතනයට කුමන්ත්‍රණය කිරීම සහා අවි සැපයීම ඇතුළු චෝදනා පදනම්වය. එහෙත් රාජපක්ෂ පාලන සමයේ ඒ කිසිවක් සම්බන්ධව විමර්ශන සිදුනොවුණු අතර LTTE සංවිධානය අත්හැර පැමිණි පිල්ලෙයාන් පුනරුත්ථාපනය නොකරම  නැගෙනහිර පළාතේ මහ ඇමති කෙරුණේ  ඔහු කොන්දේසි විරහිතව රාජපක්ෂ පවුල සරණ ගිය නිසාය.

Leave A Reply

Your email address will not be published.

seven + eleven =