රජමහා විහාරයක පිළම කඩා රන් කොල්ල කෑ බවට පොහොට්ටු මන්ත්‍රීට චෝදනා

තිස්සමහාරාම, නැදිගම්විල රජමහා විහාරයේ බදු පිළිම 11කඩා එම පිලිම තුල තිබූ රත්ත්‍රන් සොරකම් කිරීම සම්බන්දයෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන රෝහිත නැමැත්තා සම්බන්ධ බව නැදිගම්විල ගම්මානයේ ජනතාව පවසති.

මෙම රත්‍ත්‍රාන් සොරකම සම්බන්ධයෙන් වීරවිල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන එක් පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම රෝහිත නැමති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට අයත් ලී මඩුවක කුලි කරුවෙකු ලෙස සේවය කරන්නෙකු බවට අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් නැදිගම්විල ජනතාව පවසන්නේ මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මීට පෙර නිදන් වස්තු කොල්ලකෑම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව දේශපාලන බලපෑම් මත ඉන් නිදහස්ව සිටින පුද්ගලයෙකු බවයි.
– ආර් ජයසේන (වීරවිල)

Leave A Reply

Your email address will not be published.

5 × 2 =