ආයෝජන කලාප සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ! – සංවිධාන හයකින් ඒකාබද්ධ ඉල්ලීමක්

වසංගතය ව්‍යාප්තිය මධ්‍යයේ රට අගුලු දමා තිබියදීත් ආයෝජන ප්‍රවර්ධන කලාපයන්හි සේවයේ නියුක්ත කර සිටින සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ වෘත්තීය හිමිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින වෘත්තිය සමිති ප්‍රමුඛ සංවිධාන හයක් කම්කරු අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

කොවිඩ් 19 වසංගතයේ ඩෙල්ටා ප්‍රහේදය රටපුරා සිග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් ඇති වු අනාරක්ෂිත තත්වයන් සහ ජනතා නොසන්සුන්තා මත රට අගුළු දමන ලෙසට වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශව වෙතින් ඉදිරිපත් වු ඉල්ලිම් සැලකිල්ලට ගත් ආණ්ඩුව 2021 අගෝස්තු මස 21 වන දින සිට දින 10 ක කාලයක් සඳහා රට වසා දැමීමට කටයුතු කරන ලදි.
ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා හැර රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේ සේවා සපයන ආයතන ද තාවකාලිකව වසා දමා තිබේ.

නමුත් , රටට විදේශ විනිමය උපයන ප්‍රධාන මුලාශ්‍රය වන ඇඟළුම් නිෂ්පාදන ඇතුළු වෙනත් සුවිශේෂි කර්මාන්ත රැසක් ස්ථාපිත ආයෝජන ප්‍රවර්ධන කලාපයන්හි නිෂ්පාදන ක්‍රියාවලින් එකී ආකාරයෙන් වසා දැමිම පහසු නොවන බවයි එම සංවිධාන පවසන්නේ.

කරුණු එසේ වුව ද, රටේ ආර්ථික ක්‍රියාවලියට ඉහළම දායකත්වය ලබාදෙන, රටපුරා පිහිටි ආයෝජන ප්‍රවර්ධන කලාපයන් හි ස්ථාපිත කර්මාන්තශාලාවන්හි සේවයේ නියුක්ත කර ඇති සේවක සේවිකාවන් කොවිඩ් වසංගතය පැතිරි යාම ආරම්භ වු මුල් අවස්ථාවේ සිටම බරපතල ලෙස රෝග පීඩාවන්ට සහ අර්බුදයන්ට මුහුණු දුන් බව කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින වෘත්තිය සමිති ප්‍රමුඛ සංවිධාන හයක් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත යොමු කළ ලිපිය මගින් සිහිපත් කර තිබේ.

අගෝස්තු 24 වැනි දින කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත එම ලිපිය යොමු කර ඇත්තේ ස්ටෑන්ඩ් අප් සේවක සංගමයේ ප්‍රධාන ලේඛම් අශිලා දංදෙනිය, රෙඩ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ චන්ද්‍රා දේවනාරායන, නිමි භාණ්ඩ ඇගලුම් හා රෙදිපිලි සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක ලලිතා රංජනී දෙද්දුව කුමාර, ඩාබිදු සාමුහික සංගමයේ චමිලා තුෂාරි ශ්‍රමාභිමානී කේන්ද්‍රයේ සුගත් රාජපක්ෂ හා වානිජ හා කාර්මික සේවක සංගමයේ විජේපාල වීරකෝන් විසිනි.
කාන්තා ශ්‍රමිකයන් බහුතරයකගෙන් සමන්විත පරිශ්‍රයක ඔවුන්ට විදින්නට සිදු වන පීඩාවන්ස ම්බන්ධයෙන්ද එම ලිපිය මගින් අමාත්‍යවරයාගේ අවධානයට ලක් කර ඇත.

“කාන්තා ශ්‍රමිකයන් අති බහුතරයක් සේවයේ නියුක්ත මෙම පරිශ්‍ර ඉතා සංවේදි හා විශේෂ තත්වයන් සහිත කලාප බැව් ඔබ වෙත පැහැදිලි කර දීමේ අවශ්‍යතාවක් නොවේ. මෙම කාලසීමාව තුල ඔවුහු රෝග වාහකයන් ලෙස බාහිර සමාජය ඉදිරියේ බරපතල අපහසුතාවන්ට පත්වීම ද කණගාටුවෙන් පෙන්වා දෙමු.”

රට වසා දැමිම සඳහා ඉදිරිපත් වූ ඉල්ලිමට විරෝධය දක්වමින් සහ ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශයට ස්තුති කරමින් ඇඟළුම් කර්මාන්තශාලා හිමියන් නිකුත් කරන ලද ප්‍රකාශය මගින් සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බැව් කියා සිටිය ද, එම සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව බරපතල නොසතුටු දායක තත්ත්වයක පවතින බැව් කම්කරු නායකයන් විෂ්‍යභාර අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

“තවද මෙරට නීතිය මගින් ස්ථාපිත සේවකයන්ගේ වෘත්තීය හිමිකම් ද බරපතල කප්පාදුවකට ලක්කර ඇති බැවි වැඩි දුරටත් දන්වා සිටිමු.

Leave A Reply

Your email address will not be published.

four × 4 =