දිගු කාලයක් රට වසා තැබීම ප්‍රායෝගික නැහැ – අගමැති

මේ ආකාරයෙන් දිගින් දිගටම රට වසාදැමා තැබීම ප්‍රායෝගික තත්ත්වයක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

පවත්නා වසංගත තත්ත්වයෙන් රට බේරාගැනීමට මහජන සහය අවශ්‍ය බව ද අද (27) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා පැවසීය.

දින 10 ක් පුරාවටම රට වසා දමා තිබියදී ජනතාව දැක්වූ සහයට තමන් ඔවුන්ට ස්තූතිය පුදකරන බවද, කොවිඩ් වසංගත තත්ත්වය පරාජය කිරීම සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සිදුකරන කාර්යභාරය අගය කරන බවද අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.

five × 3 =