ඇෆ්ගනිස්ථානුවන් සිය රට හැරයන්නේ තලෙයිබාන් පාලනය නිසාද ?

ස්ථිරවම නැත ! එය අර්ධ සත්‍යයකි. එමෙන්ම යුරෝපය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක ජනතාවට ලියමින් සිටින ප්‍රබන්ධයේ ස්වාභාවය එවැනිය.
ඇෆ්ගන් මිනිසුන් සිය රට හැර පලායන්නේ එය දැන් ආසියාවෙි හිගන රටක් බවට පත්වෙමින් තිබෙනායුරු ඇස් මනාපිට පෙනෙමින් තිබෙන නිසාය. උන්ගේ දරුවන් බඩගින්නේ මැරෙන්නට හැරීමට නොහැකි බැවිනි. ඇෆ්ගනිස්ථානය ඒ ඉරණම කරා මෙහයවුයේ කවුරුන්ද තලෙයිබානුවන් ? කිසිසේත්ම නැත. එහි පුර්ණ ගෞරවය අපි එක්සත් ජනපදයට හා යුරෝපා රාඡ්‍යයන්ට දිය යුතු වෙමු. ඔවුහු එහි නිර්මාතෘවරු වෙති

තලෙයිබානුවන් ඇෆ්ගනිස්ථාන පාලනයෙන් පිටමංකර මීට 20 වසරකට පෙර එක්සත් ජනපදය ප්‍රමුඛ යුරෝපා රාජ්‍යයන් එහි තමන්ට කැමති පාලනයක් සදහා වු පාලකයන් ඇෆ්ගන් සිහසුන මත තැබීය පාලකයන් එක්සත් ජනපදයේ කීමට පා තැබුවා මිස රටෙි ජනතාවගේ යහපතට පා තැබුවේ නැත. ලක්ෂ ගණනක් විදේශිය හමුදා නඩත්තු කරමින්ද ඩොලර් බිලියන ගණන් වැය කරමින් ඇෆ්ගන් යුධ හමුදාව නඩත්තු කරමින් ඒවා ඇෆ්ගන් ආර්ථිකයේ අංක එක කලා මිස රටෙි නිෂ්පාදනය, සෞඛ්‍ය අධ්‍යාපනය හෝ සමාජසේවා ගැන තැකීමක් කලේ නැත. නිෂ්පාදනයට දිරි දුන්නා නම් ඒ අබිං හා හොරොයින් වෙනුවෙන් කල පොපි වගාවටය. එක්සත් ජනපද හමුදා ඇෆ්ගනිස්ථානයෙන් පිටමන්ව යනවිට ඇෆ්ගන් දල දේශිය නිෂ්පාදියේ 11 % කොටසක් තිබුනේ අබිං මතය. වසර 20 ක් එක්සත් ජනපදය සහ යුරෝපය ඇෆ්ගනිස්ථානය ගෙන ආවේ එතැනටය.
හෙට දවසේ ඇෆ්ගන් සංවර්ධනයේ මාවත් යුරෝපය හා එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානය හැර යනවිටද ඒ අසලක හෝ නොවීය.
ඇමෙරිකා එක්සත් ජනපදයනයෙන් පිටව යාමට මාස 4 කට ඉහතදී එනම් 2021 අප්‍රේල් මස ඇෆ්ගනිස්ථානයේ ආහාර සුරක්‍ෂිතතාවය සහ පෝෂණ තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තක්සේරුව මෙසේය.

‘‘ඇෆ්ගනිස්තාන ජාතිකයින් තිදෙනෙකුගෙන් එක් අයෙක් දැඩි ආහාර අනාරක්‍ෂිතතාවයකට මුහුණ පා සිටිති. එහි තේරුම නම් යුද්ධයෙන් පීඩාවට පත් රටේ එක්කෝටි හතලිස් ලක්ෂයක් පමණ ජනතාවකට තම දෛනික අවම ආහාර අවශ්‍යතා සපුරාලීමට නොහැකි බවයි.පවතින භයානක තත්වය හේතුවෙන් ලෝක ආහාර වැඩසටහන පවසන්නේ මන්දපෝෂණ මට්ටම ඉහළ යමින් පවතින අතර මිලියන 2 ක පමණ ළමුන්ට ජීවත් වීම සඳහා පෝෂණ ප්‍රතිකාර අවශ්‍යය. එමෙන්ම පසුගිය මාස තුනේදී ඇෆ්ගන් ජනතාවගෙන් ලක්ෂ 40 කට වැඩි පිරිසක් තනිකරම යැපුනේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩ සටහනට පින්සිදු වන්නටය.‘‘
.save the children. සංවිධානයට අනුව එහි තත්වය මෙසේය  ‘‘2021 දී ඇෆ්ගනිස්ථානයේ තිරිඟු, සහල්, සීනි සහ ඉවුම් පිහුම් තෙල් මිල 50% කින් ඉහල ගිය අතර දැඩි නියගය නිසා වගාබිමි පාලුව වසංගත තත්වය කෙමෙන් පැතිරෙමින් මහාපරිමාන යුද්ධයකින් අවතැන්ව සිටින ජනතාවට මෙය දරා ගත නොහැක. එමෙන්ම පිරිවැය ඉහළ යාම නිසා බොහෝ පවුල්වලට මූලික අයිතමයන් ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි අපි අනතුරු අගවමු . කාබූල් හි ‘සේව් ද චිල්ඩිරන්’ කල සමීක්ෂනයට අනුව , ආහාර මිලදී ගැනීම සඳහා සියළුම පවුල් ණය වී ඇති බව දැනටමත් සොයාගෙන ඇත. ආහාර මිල දී ගැනීම සඳහා බොහෝ පවුල්වලට තම දේපල විකිණීමට, ආහාර කප්පාදු කිරීමට හෝ තම දරුවන් රැකියාවට යැවීමට සිදු වී ඇත.

ඇෆ්ගනිස්ථානයේ ළමුන් මිලියන 5.5 ක් මේ වසරේ දෙවන භාගයේදී සාගින්නෙන් පෙළෙන බවට දැනටමත් ගණන් බලා ඇත.

නියඟය, COVID-19 වසංගතය සහ තලේබාන් පාලනය යම් යම් ප්‍රදේශ පවරා ගැනීමෙන් පසු ආධාර ලබා ගැනීමේ ප්‍රයත්නයන්හි බාධා හේතුවෙන් මෙම සංඛ්‍යාව ඉහළ යා හැකි බවට ‘සේව් ද චිල්ඩ්රන්’ තවදුරටත් අනතුරු අඟවන බව 2021 අගෝස්තු 23 රොයිටර් පුවත් සේවය මෙසේ වාර්තාකර තිබිනි.
දෝහා සිට රොයිටර් පුවත් සේවයට බීස්ලි පැවසුවේ, “වසර ගනනාවක නියඟය, ගැටුම් සහ ආර්ථික පරිහානිය හේතුවෙන් ඇෆ්ගනිස්ථානය සුළඟට හසු වී ඇති අතර” සාගතයේ අද්දර සිටගෙන සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව දැන් මිලියන 14 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙවන් රටක් නිර්මානය කිරිමේ වගකීම තලෙයිබානුවන්ට මෙන්ම එක්සත් ජනපදයට හා යුරෝපයට හරි හරියට බෙදිය යුතුය. ඇෆ්ගනිස්තානුවන් ලක්ෂයක් එක්සත් ජනපදයටද තවත් 20 දහසක් යුරෝපයටද ගෙන්වා ගත් පමණින් කෝටි 04 කට කිට්ටු ඇෆ්ගන් ජනතාව සුඛිත මුදිත වන්නේ නැත. රට හැර යන්නේත් පුලුවන් පවුල් පමණි . ඒ එක්සත් ජනපදයට හා යුරෝපයට කැඹුරූ ඇෆ්ගන් ඉහල මාධ්‍යම පාන්තිකයෝය එක්සත් ජනපදය සහ යුරෝපය වීසා දී ඇත්තේ ඔවුන්ටය .

තලෙයිබාන් පාලනය පැවතුනද තමන්ගේ අවම ආහාර වේල ගැන බියක් නැති ජනතාවක් රටක් හැර යන්නේ නැත. ආරක්ෂා වෙන්නත් ජීවත්ව සිටිය යුතුය.
– උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

12 + 10 =