“කොරෝනා කියන්නේ පුංචි උණ සහ සෙම්ප්‍රතිශ්‍යයා තත්වයක්”

– එස්.බී.දිසානායක

කොවිඩ් යනු සුළු උණ තත්වයක් සහ සුළු සෙම්ප්‍රතිශ්‍යයා තත්වයක් බවත් අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක පවසයි.

කොවිඩ් ආසාදනය වන සියයට 81 ක් පමණ කිසිඳු අපහසුවකින් තොරව සුවය ලබන බවත් තවත් 14% කට පමන සෙම්ප්‍රතිශ්‍යාවක් සහ උණක් හටගෙන පසුව සුව වන බවද පවසයි.

මේ අතර කොවිඩ් සම්බන්ධයෙන් මරණ බියක් ජනතාවගේ සිත තුළ ඇති නොකළ යුතු බවත් මරණයට, මරණ බිය හේතුවන බවත් ඔහු පෙන්වා දෙයි.

කොරෝනා යනු මාරාන්තික රෝගයක් නෙවන බවත් එය සුළු සෙම්ප්‍රතිශ්‍යයා තත්වයක් බවත් යම් උණ තත්වයකින් පසුව එය මග ඇරී යන බවත් මන්ත්‍රී එස්.බී.දිසානායක අවධාරණය කරයි.

මෙරට කොවිඩ් මරණ අනුපාතය තවමත් සියයට 1.9 ක් බවයි ඔහු පවසයි.

Leave A Reply

Your email address will not be published.

seven + six =