මේ වන විට රට කොවිඩ් වසංගතයේ දරුණුතම සහ උච්චතම අවස්ථාවේ – GMOA

මේ වන විට කොවිඩ් වසංගතය හේතුවෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව වැඩිවීම මෙරට සෞඛ්‍ය ධාරිතාව ඉක්මවා යන තත්ත්වයට යොමුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

මෙහි භයානකම තත්වය වන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද දිනෙන් දින මෙම වෛරසයට ගොදුරු වෙමින් පැවතීම බව
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසන්නේ වෙමින් පවතින බවයි.

මේ අතර රෝහල් ඇදන් සහ දැඩි සත්කාර පහසුකම් වැනි සියල්ලම උපරිම ධාරිතාව ඉක්මවන මට්ටමකට පැමිණ ඇති බවත් මානව සම්පත හිඟ වීම පිළිබද උග්‍ර ගැටලුව නිසාත් කොවිඩ් වසංගතයේ දරුණුතම සහ උච්චතම තත්ත්වයට රට මේ වන විට පත්ව ඇතැයි ඔහු අවධාරණය කර සිටියි.

මේ අතර,ඊයේ (24) දින තහවුරු කර ඇති කොවිඩ් මරණ 198ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,948ක් දක්වා ඉහළගොස් ඇත. සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 407,768 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.

15 + four =