“මංගල පෞද්ගලිකව මගේ දේශපාලන කටයුතු සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දුන් අයෙක්” – අගමැති

- අගමැති මහින්ද රාජපක්ෂ

ජනපති, අගමැති මංගල සමරවීරගේ අභාවයට සංවේගය පළ කරයි
අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ නික්මයෑම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සිය සංවේගය පළ කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිල ෆේස්බුක් පිටු ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ,

ලාංකීය දේශපාලන ගමන්මගෙහි විශාල පරිවර්ථනයන් මෙන් ම ‍අරගලයන් දියත් කරමින් ලාංකීය ජනතාවට අමිල මෙහෙවරක් ඉටුකිරීමට සක්‍රීයව දායක වූ කෘතහස්ත දේශපාලනඥයකු වන එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මැතිතුමාගේ හදිසි වියෝව සැලවීමෙන් තමන් ඉතා සංවේගයට පත්වූ බවය.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හදිසි අභාවය පිළිබඳ අසා තමා මහත් කනගාටුවට පත්වු වු සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සදහන් කරන අගමැතිවරයා මෙසේද සදහන් කර ඇත. “කලක් අප සමඟ ඉතා ම සමීපව දේශපාලන කටයුතු කළ එතුමා අපේ කඳවුරේ ද පෞද්ගලිකව මගේ ද දේශපාලන කටයුතු සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දුන් හිතවතෙකි; දේශපාලනඥයෙකි; සටන් සගයෙකි.

මේ කනගාටුදායක අවස්ථාවේ මංගල සමරවීර මැතිතුමාගේ පවුලේ සැමට සහ හිතවතුන්ට මගේ ශෝකය ප්‍රකාශ කරමි. යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.

one × 1 =