හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මියයයි

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි.

හිටපු මුදල් අමාත්‍යවරයා කොරෝනා වෛරසයට ගොදුරු වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණේ පසුගිය 12 වන සිකුරාදායි.

රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන්පසුව විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු කර තිබිණි.

මියයන විට 65 වන වියේ පසු වූ සමරවීර මහතා 1983 වසරේ මාතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය දැරුවේය. ඔහු 1989 දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ඇතුල්වී තිබෙන අතර 1994 දී ජනාධිපතිනි චන්ද්‍රීකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ කැබිනට් මන්ඩලයේ, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ලෙස පත් කරන ලදී

සමරවීර මහතා 2005 සිට 2007 දක්වා මෙන්ම 2015 ජනවාරි 12 සිට විදේශ කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

Leave A Reply

Your email address will not be published.

14 − 10 =