පැණි බොනකොට, මුට්ටි ඟගේ පාකරනකොට ඩලස් රටේ නොහිටියේ අපේ අවාසනාවට

පැණි මුට්ටි ටොන් ගණන් බිව්වත් පැණි මුට්ටි හිසේ තබාගෙන ගොස් ගඟට නොව බෝක්කු යටට දැම්මත් කොරෝනා වයිරසය පාලනය කළ නොහැකි බවත් එය කළ හැක්කේ එන්නත්කරණය ඇතුළු විද්‍යාත්මක උත්තර සෙවීමකින් හෝ දේශීය වෛද්‍ය ක්‍රමයෙන් පමණක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මාතර, වැලිගම ප්‍රාදේශීය උත්සවයක දී පැවසුවේය.

හිටපු සෞඛ්‍ය ඇමතිනිය, පාර්ලිමේන්තුවේ කතානායක,ඇතුළු ලෝකයාටම පැණි බොන්නැයි හැඟවූ ආණ්ඩුවේ මැති ඇමති වරුන්ට සහ පැණිය ජනයා අතර පැතිරවීමට මාධ්‍ය කාලය ලබා දුන් මිත්‍යා වපුරන්නට කටයුතු කළ මාධ්‍යන්ටද මෙම පිළිතුරු ලබා දෙමින් මිත්‍යාමත වලින් කොරෝනා වයිරසය පැරදිය නොහැකි බව ද අමාත්‍යවරයා කීවේය.
ඩලස් ඇමතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසු සමාජ මාධ්‍ය වළ විවිධ අදහස් පළකර තිබෙනු දක්නට ලැබිණි. මේ ඒ අතරින් කිහිපයකි.

ඩලස් ඇමතිතුමා රටේ නොහිටියෙ හුදී ජන අපේ අවාසනාව බොලල්ලා

බලන්න මහත්වරුනි, ඩලස් ඇමතිතුමා මේ මොහොතේ ලංකාවෙ ඉන්න එක අපේම වාසනාව. එතුමා තමයි සිංහ සෙයියාවෙන් විද්‍යාව එන්නත කියලා කියන්නෙ. පැණි මුට්ටි වලට දිගට හරහට කෙලින්නෙ. ජය වේවා.
ඒ වගේම සුමනෙලා අපිව පැණි මුට්ටිවල දාලා වහලා ගඟේ යවද්දි ඩලස් තුමා රටේ නොහිටි එක උන්නැහේලගෙ වාසනාව. ඒ වෙලාවෙ ඩලස් ඇමතිතුමා හිටිය නං පැණි බෙදපු සුමනෙලා මතක හිටින පාඩමක් ඉගෙන ගන්නවා.
ඉන්න ඕනැ සිංහයා නියම වෙලාවට රටේ නොඉන්න එක හුදී ජන අපේ අවාසනාව බොලල්ලා.

– චුලානන්ද සමරනායක

අපි නොදන්න කැරම්, ඩලස්

ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය ඇමතිවරයා මාතරදී පවසනවා පැණි බීලා ගංගා වලට මුට්ටි දාලා කොරෝනා සඳහා විසඳුමක් ගන්න බෑ. ඒකට විද්‍යාත්මකව ප්‍රතිකාර කරන්න ඕනේ කියලා. ඔහු මේක කියන්නේ දැන්. එදා පාර්ලිමේන්තුව පැණි ප්‍රවර්ධන ප්‍රදර්ශනාගාරයක් කරනකොට, රාජකීය වෛද්‍යවරයා මුට්ටි ගඟට දානකොට එයා මේක කිව්වේ නෑ.
දැන් චණ්ඩියා වගේ මෙහෙම කියන්නේ ජනාධිපති ජාතිය අමතමින් කිව්වනේ එන්නත්කරණයයි වැදගත් කියලා. දැන් මෙයාට ඒක ශක්තිජනක පානයක් වෙලා. කොඳුභංගය සනීපයි.
අපි නොදන්න කැරම්, ඩලස් මිත්‍රයා.

– කපිල එම්.ගමගේ

වසංගතය දෙවියන්ට බාර දුන් මාධ්‍ය ඇමතිවරුන් අතර නව ජනමාධ්‍ය ඇමති

“මිත්‍යාවන් පිටිපසසෙ ගිහිල්ලා මේකට උත්තරයක් හොයන්න බෑ. පැණි බීල මේකට උත්තර හම්බ වෙන්නේ නෑ. මුට්ටි ගංගාවල නෙමෙයි බෝක්කු ගානෙ දැම්මත් මේකට උත්තර හම්බ වෙන්නේ නෑ. උත්තරය තියෙන්නෙ විද්‍යාවේ. වෛද්‍ය විද්‍යානුකූල ක්‍රම, සෞඛ්‍ය ක්‍රම ඇතුලේ විතරයි මේකට උත්තරයක් තියෙන්නෙ.”
වසංගතය දෙවියන්ට බාර දුන් මාධ්‍ය ඇමතිවරුන් අතර, මුට්ටි ගංගාවලට අතහැරිය සෞඛ්‍ය ඇමතිවරුන් අතර, එන්නත ගේන්නෙ අපිට ඕන වෙලාවක කියපු ජල ඇමතිවරුන් අතර, විවිධ පැණි කර ගසාගෙන ගිය රාජ්‍ය ඇමතිවරුන් අතර, ඒ සියල්ලම වෙන්නට ඉඩ හැර “අපි එන්නත්කරණය පිළිබඳ මුල පටන් විස්වාස කලා” යයි බොරු දෙසාබාන කැබිනට් ප්‍රධානියෙක් අතර නව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා ගේ මේ ප්‍රකාශයට ගෞරවය පළ කරමි.

– වෛද්‍ය නලින්ද ජයතිස්ස

 

Leave A Reply

Your email address will not be published.

12 + 16 =