සජිත්ගේ සුචරිතය

තමන්ගේ ජනාධිපති සිහිනය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස බොහෝ දේ කළේ ය. ඒ දණ්ඩේ ගියේ ය. පියානෝ ගැසුවේ ය. පියාණෝ ගැන කීවේ ය. කණා මුට්ටිබින්දේ ය. සින්දු කීවේ ය. ආර්යාවක් ඉස්සරහට දැම්මේය. අන්තිමේ තමන්ගේ සේරෙප්පු දෙකත්පෙන්වූයේ ය. මේ සියල්ලෙන් උත්සාහ කළේ තමන් හැකියාවන් රැසකගෙන් පරිපූර්ණ, කිසිදු බොරුවක්, වංචාවක් නැති අයකු බව පෙන්වීමට විය හැකි ය. ‘මගේ ළඟ බොරුව නෑ’ කියා සජිත් ප්‍රේමදාස නිතර නිතර කියන්නේ ය.

තමන් ළඟ බොරුව නැති බව කියන සජිත් එක පැත්තකින් කියන්නේ බොරු නොව සුරංගනා කතා ය. සජිත් විසින් පවසන එක් කතාවක් නම්, තමන් ජනාධිපති වුවහොත්, සෑම කාන්තාවකම කෝටිපතිනියක කරවන බවයි. ලංකාවේ ලක්ෂ 114ක් කාන්තාවන්ය. ඒ හැම දෙනාම කෝටිපතිනියන් වීමට නම් පොදුවේ ඔවුන්ගේ වාර්ෂික ආදායම රුපියල් ටි්‍රලියන 114ක් විය යුතු ය. ඒ සඳහා ජාතික ආදායම රුපියල් ටි්‍රලියන 220ක් විය යුතු ය. පසුගිය වසරේ දී ලංකාවේ ජාතික ආදායම රුපියල් ටි්‍රලියන 14කි. එසේ නම් සජිත් ප්‍රේමදාස ජනාධිපති වුවහොත් රටේ ජාතික ආදායම 16 ගුණයකින් වැඩි කළ යුතු ය. පසුගිය වසරේ ජාතික ආදායම වැඩි වී ඇත්තේ යන්තමින් 3%කින් පමණි. මේ කියන විදිහට කරන්නට නම් ජාතික ආදායම 1,100%කින් වැඩි කළ යුතුය. තමන් ජනාධිපති වී ලංකාවේ සෑම ගමකටම එන බව ද ඔහු කියයි. ලංකාවේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,022 ඇත. ඒ තුළ ගම්මාන 38,259ක් පමණ තිබේ. ගම හරහා දිවීමේ තරගයක් විදිහට ගියත් දින 1,825දී, එනම් ජනාධිපති ධුර කාලය තුළ දී එය කළ නොහැක්කකි. එක පැත්තකින් මෙවැනි සුරංගනා කතා කියන සජිත් ඇත්තටම කරන්නේ මොනවා ද?

ණයට කන සැලසුම

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක තීරණය එන්නත් කලින් එළැඹෙන නොවැම්බරයේ තමාගේ දෑත් ශක්තිමත් කරන්නැයි සජිත් ඡන්දදායකයන්ගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ ය. ඒ අතර සජිත් සිය ප්‍රතිපත්ති යැයි සිතිය හැකි කාරණා ද ප්‍රසිද්ධ කළේ ය. මැදියම් රාත්‍රිය තෙක් නිදිවරාගෙන සිටීම, පාන්දර අවදි වීම, ජනතා නියෝජිතයන් දුෂ්කරක්‍රියාවලට යොමු කරමින් ඇටසැකිලි බවට පත් කොට ජනතාව පුෂ්ටිමත් කිරීම, මරණ ද~ුවම හිමි වන සියලූ දෙනා එල්ලා මැරීම ඒ අතුරින් කිහිපයකි. ඒ අතර උතුරට ගොස් ඔහු කීවේ සිය ජාත්‍යන්තර හයිය පෙන්වීමට ණය සමුළුවක් මෙරට පවත්වන බවකි. ඉන් ඔහු අදහස් කළේ ලෝකයේ දුප්පත් රටවලට ණය දෙන රටවල් හා සංවිධාන කැඳවා ශ්‍රී ලංකාවේ දුගී බව පෙන්වා තව තවත් ණය ගැනීමට යන බවයි. ඒ ණය මුදල්වලින් උතුරේ ජන ජීවිතය සුඛිත මුදිත කරවන බව ද ඇමති සජිත් ප්‍රේමදාස ආඩම්බර ලීලාවෙන් කියා සිටියේය. සජිත් ඇමතිවරයා ඊයේ උතුරේ දී කියූ ණය සමුළුවේ කතාව සුළුවෙන් තැකිය නොහැකි ය. 2019දී නිකුත් වූ මහ බැංකු වාර්තාවට අනුව මෙම වසර තුළ පමණක් ගෙවිය යුතු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර්බිලියන 5.9කි. ඒ ණය බර නිසා ම ආර්ථික සංවර්ධන වේගය 3%කටත් අඩු අගයකට වැටුණු බව මහ බැංකු අධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සමුළුවක් අමතමින් පැවසී ය. ඔහු එහි දී වැඩි දුරටත් කියා සිටියේ, මෙම ප්‍රමාණය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් වසරක් තුළ ගෙවන වැඩිම ණය වාරික මුදල වන බවයි. එම මුදල් ගෙවීම පිණිස දැනට අය කෙරෙන බදු මුදල්වලට අමතර වශයෙන් තවත් රුපියල් බිලියන තුනක් රජය විසින් උපයා ගත යුතු විය.

2018 වසරේ ජනාධිපති සිරිසේන අමුතු තාලයකට ආණ්ඩු මාරු කරන්නට යාමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වල අඩියටම වැටිණි. එය අලූතෙන් ණය ගැනීමේ දී මෙන්ම ණය කාලය දීර්ඝ කර ගැනීමක දී පවා රටට ඉතා අයහපත් ලෙස බලපාන්නකි. මේ තත්ත්වය හේතුවෙන් ලබා ගන්නා ණය මුදල් සඳහා වැඩි පිරිවැයක් දැරීමට රටට සිදුවිය.
ජනාධිපති සිරිසේනගේ සභාපතිත්වයෙන් පවත්වාගෙන යනු ලබන ජාතික ආර්ථීක සභාවේ මහලේකම් ලෙස කටයුතු කරන මහාචාර්ය ලලිත් සමරකෝන් පවසන පරිදි ශ්‍රී ලංකාව ගෙවිය යුතු සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය ආසන්න වශයෙන් ඇමෙරිකනු ඩොලර් බිලියන 63 ඉක්මවයි. එය රුපියල්වලින් ගත් විට ටි්‍රලියන 11.3 ඉක්මවන අගයකි.

අධික විදේශ ණය හා බැඳි අනෙක් කාරණය වන්නේ අයවැය හිඟයයි. මෙම හිඟය ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කළේ සජිත් ප්‍රේමදාසගේ පියා වන ආර්. ප්‍රේමදාස පාලන සමයේයි. 1981දී 19.2%ක් දක්වා ඉහළ ගිය අයවැය හිඟය අනූව දශකය වන තුරුම සෑම වසරකම පාහේ ඉහළම අගයන් වාර්තා කළේ ය. 1994දී බලයට පත් චන්ද්‍රිකා ආණ්ඩුවට ද මෙම අයවැය හිඟය අඩු කර ගැනීමට නොහැකි විය. එය 10%ක් දක්වා අඩු වන්නේ 2001දී ය. මේ වන විට එම ප්‍රතිශතය 5.5%ක් දක්වා සැලැකිය යුතු ප්‍රමාණයකින් පහළ බැස ඇති අතර, 2020දී එය 3.5% ක් දක්වා අඩු කර ගැනීමට අපේක්ෂිත ය. එම ඉලක්කය සපුරා නොගෙන රට මුහුණ පා ඇති ණය අර්බුදයට විසඳුම් සෙවීම අපහසු ය.

ඇමති සජිත් ප්‍රේමදාස ණය සමුළුවක් පවත්වා විදේශ ණය ලබා ගැනීම ගැන කතා කරන්නේ රටේ මූල්‍ය තත්ත්වය ගැන හින්නි කිතර දැනුමක් හෝ ඇතිව විය නොහැකි ය. ණයට අරන් තාවකාලිකව සුඛ විහරණ දෙන්නට කතා කිරීමට තරම් රටේ අනාගත පාලන බලය ඉල්ලන අය අවිචාරශීලී වුවත්, ණයට කා බී විඳවන විඳවිල්ල දන්නා ජනතාව ඒ කතා උපහාසයෙන් බැහැර කරන බව ඔහුට කවුරුන් හෝ කියා දිය යුතුව ඇත.

දුරකථන අංක වංචාව

ඕනෑ ම පුද්ගලයකුට හෝ සමාගමකට ව්‍යාපාරික කටයුත්තක් සදහා කෙටිදුරකථන අංකයක් ලබා ගැනීමට අවස්ථාව ඇත. ඒ අනුව විදුලි සන්දේශ නියාමන කොමිසමට රුපියල් 7,50,000.00ක මුදලක් හා අදාළ බදු මුදල් ගෙවා වර්ෂයක් සඳහා කෙටි අංකයක් ලබා ගත හැක.

13xx අංකයෙන් ආරම්භ කරනු ලබන අංකය ලබා දෙනු ලබන්නේ පෞද්ගලික අංශයේ ආයතන සඳහා ය. විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ නීතිරීතිවලට අනුව එසේ ලබා ගත් කෙටි අංකයක් වෙනත් කටයුතු සදහා හෝ වෙනත් අය සඳහා හෝ ලබා දීම නීති විරෝධී වේ. එසේ කළහොත්, අදාළ කෙටි අංකය අවලංගු කිරීමට කොමිසමට බලය ඇත.

සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ද මෙවැනි කෙටිදුරකථන අංකයක් ලබාගෙන තිබේ. බොරු නොකරන්නේ යැයි පස් පඩංගුවේ කෑ මොර දෙන සජිත් මේ අංකය ලබාගෙන ඇත්තේ වෙනත් සමාගමක් දඩමීමා කර ගනිමිනි. සත්‍ය වශයෙන්ම එම අංකය අයිති සමාගම වන්නේ Rakwana Minaral Exploration Pvt Ltd සමාගමයි. වෙනත් කටයුත්තක් සඳහා බව පෙන්වමින් මැතිවරණ කටයුතු සඳහා මෙවැනි අංකයක් භාවිත කිරීම විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ නීතිරීති අනුව නීති විරෝධී වේ. රටේ පාලකයා වීමට සිතා සිටින පුද්ගලයෙකු රාජ්‍ය ආයතනයකට බලපෑම් කර හෝ නොකර රටේ පවතින නීතිරීති උල්ලංඝනය කිරීම කොතරම් සදාචාරසම්පන්න ද යන්න සිතාබැලිය යුතු ය. මේ ආණ්ඩුවේඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍යවරයා වන්නේ නීතිඥයකු වන අජිත් පී. පෙරේරා ය. (කැබිනට් ඇමතිවරයා වන්නේ හරීන් ප්‍රනාන්දු ය. මේ දෙදෙනා ම සජිත් ගෙන ඒමේ දී ඔහුගේ දකුණත් සව් සහ වමත් සව් වූහ.) ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ද එම අංකය සඳහන් කර සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. සජිත් වෙනුවෙන් අජිත් ද තමන් යටතේම ඇති ආයතනයක නීතිරීති උල්ලංඝනය කරමින් සිටින්නේ ඒ අයුරිනි.

සංස්කෘතික අරමුදලේ කතාව

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රවේශ පත්‍ර නිකුත් කර ලැඛෙන මුදලින් අවම වශයෙන් 25%ක මුදලක් සෑම වසරකම පුරාවිද්‍යා කටයුතු වෙනුවෙන් වෙන් කළ යුතු බවට කොන්දේසියක් තිබේ. නමුත්, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා යටතේ ඒ සඳහා කිසිදු මුදලක් ලබා දී නොමැති බව පසුගිය දා හෙළි විය. වාර්තා වන තොරතුරු අනුව එසේ පුරාවිද්‍යා කටයුතු සඳහා ලබා නොදී තිඛෙන මුදල රුපියල් බිලියන 1.2කි. ඒවා යොදාගෙන ඇත්තේ කුමක් සඳහා ද යන ගැටලූව ඒ සමඟ ම මතු විය.

මේ චෝදනාව එල්ල වන විට සංස්කෘතික අරමුදල භාර ඇමති, සජිත් ප්‍රේමදාස කීවේ හතරබීරි කතාවකි. තමන් එම අරමුදල් ලබාගෙන රට පුරා වෙහෙර විහාරස්ථාන ගොඩනැඟීමට කටයුතු කරන ලද බව ය. එසේ නොකළේ නම්, එම මුදල ස්ථීර තැන්පතුවේ තිබිය දී රුපියල බාල්දුවීම සමඟ බාල්දු වී යන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

තමන් යටතේ ඇති ආයතනයේ පොදු නීතිරීති උල්ලංඝනය කිරීමට ඇමතිවරයාට හැකියාවක් ලැබී ඇත්තේ කෙසේ ද? පුරාවිද්‍යා කටයුතු සඳහා වෙන් කළ මුදල් පන්සල් සඳහා වෙන් කරන්නේ කෙසේ ද? පන්සල් ඉලක්ක කර ගනිමින් සජිත් සිදු කළ ව්‍යාපෘතිය වූයේ ‘සසුනට අරුණ’ නම් වැඩසටහනයි. එය දේශපාලන ව්‍යාපෘතියක් නොවන්නේ ද?

‘සැමට සෙවණ’ ප්‍රෝඩාව

පරම රමණීය, අති වන්දනීය පියාණෝ ගිය අඩි පාරේ තමන් යන්නේ යැයි කියන සජිත් ගේ ප්‍රධානම දේශපාලන ව්‍යාපෘතිය වූයේ ‘සැමට සෙවණ’ ව්‍යාපෘතියයි. එහෙත් ‘සැමට සෙවණ’ යනු මහා ප්‍රෝඩාවකි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යාමෙන් එම ආයතනය පවා විනාශමුඛයට ඇද දමා තිබේ.

නිවාස සංවර්ධන අධිකාරිය ණය දීගෙන යයි. අලූත් ගම්මාන හැදෙයි. රටටම අණඛෙර ගසා සජිත් ඒ ගම්මාන විවෘත කරයි. ඔහුට අවශ්‍ය එපමණකි. එහෙත්, මේ බොහෝ ගම්මානවල ඉදි කෙරෙන නිවෙස්වල පදිංචිකරුවෝ නැත. කියන්නේ නම්, නිවාස නැති පවුල් ලක්ෂ ගණනකට සෙත සැලසූ බවයි. ඔහු එසේ කියන නමුත්, මෙසේ ඉදි කෙරෙන බොහෝ උදාගම්වල නිවාස විසිපහෙන් පදිංචිව සිටින නිවාස ඇත්තේ දහයක් හෝ පහළොවක් පමණි. ඊට හේතුව නිවාස අධිකාරියට නිවාස ණය දීමට සිදු වී ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ පිලේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ නම් ලැයිස්තු අනුව නිසා ය. එසේ නිවාස ණය ලබා ගන්නා බොහෝ දෙනාට නිවාස තිබේ. එබැවින් නොමිලේ රජයෙන් ලැඛෙන ඉඩම් කැබැල්ල අයිති කර ගන්නා ඔවුන් එහි නිවසක් ඉදි කරන නමුත්, එහි පදිංචියට එන්නේ නැත. එහෙත් මේ වෙනුවෙන් විශාල වියදමක් දරනු ලබයි. පොළොන්නරුවේ සුගලාදේවී සහ ශ්‍රී සීලාලංකාර ගම්මානය ඊට හොඳ උදාහරණයකි. එහි ගෙවල් 25ක් ඉදි කර තිබේ. එක ගෙයකට ණය රුපියල් ලක්ෂ හතරකි. ඒ අනුව ගෙවල් 25ට රුපියල් ලක්ෂ 100කි. විවෘත කිරීමේ උත්සවයේ වියදම රුපියල් ලක්ෂ 133කි. සමරු ඵලකයේ වියදම රුපියල් දෙලක්ෂ තිස්හත්දාහකි.

2015 සිට මේ දක්වා උදාගම් 1,273ක් ඉදිකිරීම ආරම්භ කර ඇත. මේ අතුරින් මේ වන විට විවෘත කර ඇති උදාගම් සංඛ්‍යාව 160කට මඳක් වැඩි ය. මේ සෑම උදාගමකම විශාල ඉඩම් ප්‍රමාණයක් වැය කරමින් කුඩා නිවාස ඉදි කිරීම නිසා රටේ ඉඩම්විශාල වශයෙන් පොදු යහපතට අහිමි වෙමින් පවතී. එක් උදාගමක් සඳහා සාමාන්‍ය නිවාස සංඛ්‍යාව 25කි. එක් අයකුට දෙන ඉඩම් ප්‍රමාණය ඒ ප්‍රදේශයේ ඉඩම් භාවිතය අනුව වෙනස් වන අතර ගම්මානයක් වෙනුවෙන් අවම වශයෙන් අක්කර 2ක පමණ භූමියක් යොදා ගනු ලැබේ. එයින් සැලසුම් රහිත ඉඩම් පරිහරණයකට අමතරව විවිධ පාරිසරික ගැටලූ ද ඇති කෙරෙයි.

1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර දෙකහමාරකට වඩා විශාල වනාන්තරයක් එළි කර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා වුව ද යොදා ගැනීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් අගැයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතියක් ලබා ගත යුතු ය. එහෙත්, වනජීවීන් වෙසෙන ප්‍රදේශ තුළ ද රක්ෂිත වනාන්තර හෙළි කරමින් සිදු කෙරෙන මෙම ගම්මාන සඳහා එවැනි කිසිදු පරිසර අගැයීම් වාර්තා ලබා ගෙන නැති බව නිවාස අධිකාරියේ නිලධාරීහු ම පෙන්වා දෙති.

කැකිරාව, ඉහළගම පස්වැනි සැතපුම් කනුව ආසන්නයේ ඉදි කර තිඛෙන ගම්මානය හා තල් සංවර්ධන මණ්ඩලයට අයත් හම්බන්තොට වීරවිල තල් වගා භූමියේ ඉඩම් ලබා ගැනීම ඊට ආසන්නතම උදාහරණ දෙකකි. කැකිරාව ඉහළගම ප්‍රදේශයේ ගම්මානය ඉදිකිරීමට පෙර වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලු විට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇත්තේ එම ප්‍රදේශය වන අලින් ගැවසෙන මංකඩක් මෙන්ම රක්ෂිත ප්‍රදේශයක් වන බැවින්, වන සත්ව හා වෘක්ෂලතා පනතට අනුව අවසර ලබා දීමට නොහැකි බවයි. 2015 අප්‍රේල් 08 වන දා ඔහු එසේ දන්වා තිබිය දී, එය නොසලකා හැර නීති විරෝධීව එහි ගම්මානයක් ඉදි කර තිබේ. එසේම හම්බන්තොට, වීරවිල පිහිටි තල් සංවර්ධන මණ්ඩලයට අයත් තල් වගා භූමියට අයත් තල් ගස් සහිත භූමියේ ගම්මානයක් ඉදි කිරීම සඳහා අනුමැතිය ඉල්ලූවිට ඉඩම් අමාත්‍යාංශයේ අනුමැතිය ලැඛෙන තෙක් ඉදිකිරීම් නවත්වන ලෙස අංක 15/06/සංස් /හම්/4 දරන 2018.06.18 වන දිනැති ලිපිය මඟින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් නිවාස අමාත්‍යාංශය ඇතුළු දැනගත යුතු අය සඳහා ලිපියක් මඟින් දැනුම් දී ඇත. එහෙත්, එම නියෝගය නොතකා මෙම ඉදිකිරීම් නොකඩවා සිදු කර ගෙන යන ලදී.

දේශපාලන පත් කිරීම් සහ පළිගැනීම්

2015 ජනවාරි 08 වෙනිදා වන විට ජාතික නිවාස අධිකාරියේ ස්ථිර කාර්ය මණ්ඩලය 1,387කි. එතැන් සිට මේ වන විට 4,600ක් අලූතින් බඳවා ගෙන තිබේ. මේ සියලූ දෙනා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තම දේශපාලන හිතවතුන් ය. 2014 දෙසැම්බර් 31 වන විට හම්බන්තොට දිස්ත්‍රික් නිවාස අධිකාරියේ සේවක පිරිස 76කි. එහෙත් සජිත් විසින් එය 1,831ක් දක්වා වැඩි කළේ ය. මේ සියලූ දෙනාගේ රාජකාරිය සජිත් ප්‍රේමදාසගේ දේශපාලන කටයුතුවල නිරත වීමයි.

ආයතනයකට අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ඇති චක්‍රලේඛයකට අනුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට උපාධියක් තිබිය යුතු නමුත්, නිවාස අධිකාරියට පත් කළ එක් උප සභාපතිවරයකු උසස් පෙළ විභාගයවත් සමත් වී නැති අයෙකි. උපාධිධාරියකු වන තවත් අධ්‍යක්ෂවරයකුගේ වයස අවුරුදු 72කි.

ඒ සමඟ ම තම දේශපාලන කටයුතු සඳහා නිවාස අධිකාරිය යොදා ගැනීමට එරෙහි වූ සේවකයන් 16 දෙනකුගේ වැඩ තහනම් කරනු ලැබී ය. සේවකයන් 47 දෙනකුට හදිසි ස්ථාන මාරුවීම් ලබා දුන්නේ ය. මේ පිරිස අතර ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරීවරයෙක් ද සිටී. ඔහු මාරු කර යවා ඇත්තේ වවුනියාව දිස්ත්‍රික් කාර්යාලයට වන අතර, සහකාර සාමාන්‍යාධිකාරීවරයකුට දිස්ත්‍රික් කාර්යාලයක රාජකාරි කටයුත්තක් නැත. කොළඹ දිස්ති්‍රක් කාර්යාලයේ සිටි ජ්‍යෙෂ්ඨ දිස්ත්‍රික් කළමනාකරු අම්පාර දිස්ත්‍රික් කාර්යාලයට මාරු කර යවා ඇත්තේ එහි දිස්ති්‍රක් කළමනාකරුවකු සිටිය දී ය. ආයතනයේ තොරතුරු හා ප්‍රචාරක කොට්ඨාසයේ වීඩියෝ කැමරා ශිල්පියා දිස්ත්‍රික් කාර්යාලයකට මාරු කර යවා ඇත. දිස්ත්‍රික් කාර්යාලයක වීඩියෝ කැමරා ශිල්පියකුට රාජකාරියක් නැත. නිවාස අධිකාරියේ සිටි එකම වරලත් ඉංජිනේරුවා රාජකාරි කටයුතුවලින් ඉවත් කර ඇත.
මේ සියලූ පළිගැනීම සිදු කෙරෙන්නේ ජාතික සේවක සංගමයේ උපදෙස් පරිදි සකස් කරනු ලබන නම් ලැයිස්තු අනුව ය. සජිත් විසින් මේ ක්‍රියාවන් අනුමත කරන්නේ කකුලෙන් අදින අය අයින් කළ බව ප්‍රසිද්ධියේ උත්සවවල දී ද කියමිනි.

මේ සජිත් ප්‍රේමදාස ගේ පැටිකිරියෙන් මතු වන කරුණු අතළොස්සක් පමණකි. තමන් කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදු නොකළ බව කියන සජිත් ප්‍රේමදාසට නිවාස අධිකාරීය සඳහා නිත්‍යනුකුල නොවන ආකාරයෙන් උපාධිධාරීන් සහ උපාධිධාරී නොවන පිරිස් බඳවා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස ද දැනුම් දුන්නේ ය. ඒ පසුගිය සැප්තැම්බර් 23 වැනිදා ය. සජිත්ගේ අධීක්ෂණය යටතේ පවතින නිවාස අධිකාරියේ පසුගිය වසරේවිගණන වාර්තාව විගණකාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

රැල් වී ගිය සෙරෙප්පු දෙකක් පෙන්වා සිල් රෙද්දක් පොරවා ගනිමින් සුචරිතය පෙන්වන්නට යන්නේ මේ සජිත් ප්‍රේමදාස ය.

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

six − 1 =