රියසක්වල – අවශ්‍ය වාහනේ ගන්න හොඳම තැනක්

කොවිඩ් – 19 වසංගත තත්ත්වය මත වසරක පමණ කාලයක් තිස්සේ පනවා ඇති ආනයන සීමා හේතුකොටගෙන බ්‍රෑන්ඩ් නිව් වාහන මෙරට තුළ විකිණීමට නොතිබුණද හොඳ තත්ත්වයේ ලියාපදිංචි වාහනයක් මිලදී ගැනීමට වර්තමානයේ ප්‍රසිද්ධ සහ පිළිගත් ස්ථානයක් බවට රියසක්වල පත්වී තිබේ.

වාහන සහ වාහන කර්මාන්තයේ මෙරට ප්‍රමුඛයා ලෙස වසර 40කට අධික විශ්වසනීය නමක් හිමිකර ගෙන සිටින ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි අනුබද්ධිත ලියාපදිංචි වාහන අලෙවි කිරීමේ ආයතනය වන රියසක්වල මේ වන විට ලියාපදිංචි කළ මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ පමණක් නොව මෝටර් රථ, කුඩා ට්‍රක් රථ ඇතුළු ඕනෑම වර්ගයක රෝද හතරේ වාහන අලෙවියේද ප්‍රමුඛයා බවට පත් වී ඇත.

රියසක්වල සුවිශේෂත්වය වන්නේ වාහන මිලදී ගැනීම පමණක් නොව ආකර්ෂණීය මිලකට තම වාහනය විකුණා ගැනීමට මෙන්ම තමන් කැමති වෙනත් වාහනයකට හුවමාරු කිරීමේ පහසුකම්ද එහි සලසා තිබීමයි.

වාහනයක් විකිණීමට පැමිණෙන පාරිභෝගකයින්ට ගනුදෙනුව අවසානයේදී එවලේම අතට මුදල් පිරිනැමෙන අතර රියසක්වල හරහා සිදු කෙරන සියලු ගනුදෙනුවකම විනිවිදභාවය උපරිමයෙන් ආරක්ෂා කෙරනු ලැබේ.

දිවයින පුරා පිහිටා ඇති රියසක්වල ශාඛාවලින් පමණක් නොව ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් ප්‍රදර්ශනාගාරවලින් සහ සමාගමේ ඩීලර්වරුන් හරහාද ඔබට අවශ්‍ය වාහනය රියසක්වල වෙතින් තෝරා ගැනීමට දැන් පාරිභෝගිකයින්ට හැකියාව ඇත●

Leave A Reply

Your email address will not be published.

thirteen − eleven =