ඔලිමිපික් රන් පදක්කම, තනි රත්තරන්ද ?

ක්‍රීඩාව වෙනුවෙන් ලෝකයේ උත්කර්ශවත්ම තිළිනය තමයි ඔලිමිපික් රන් පදක්කම නමුත් ඒක සමිපුර්ණයෙන්ම රත්තරන්ද ?..cbc.ca/ වෙබි අඩවිය අපිට මෙහෙම පිලිතුරු දෙනව.
නැහැ ! ඒක සමිපුර්ණයෙන් රත්තරන් නෙවි. ඔලිම්පික් ජයග්‍රාහකයින්ට අවසන් වරට තනි පිරිසිදු රන් පදක්කම් පිරිනැමුවේ 1912 දී ය. වර්තමානයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු මාර්ගෝපදේශයන්ට අනුව රන් පදක්කම් සඳහා අවශ්‍ය වන්නේ අවම වශයෙන් රත්තරන් ග්‍රෑම් 6 ක් පමණි. ඉතිරිය බොහෝ විට රිදී වලින් සමන්විත වේ.

පදක්කම් සෑදීම සඳහා 2020 ඔලිම්පික් වෙනුවෙන් ජපානය ලෝහ ලබාගත්තේ කොහෙන්ද?

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී, ජපාන ජනතාව විසින් ලබා දුන් පාවිච්චි කරන ලද ජංගම දුරකථන මිලියන හයකට වැඩි ප්‍රමාණයක් සහ පරිහරනය කරන ලද පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ටොන් 78,000 කට වැඩි ප්‍රමාණයකින් ප්‍රතිචක්‍රීකරණයට ලක්කිරීමෙන් මෙම පදක්කම් සාදා ඉතිරිය විකුණන ලදී. එහි ප්‍රතිඵලය වූයේ ටෝකියෝවේ ඔලිම්පික් පදක්කම් 5000 ම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වූ රත්තරන් කිලෝග්‍රෑම් 32 ක්, රිදී කිලෝග්‍රෑම් 3500 ක් සහ ලෝකඩ කිලෝග්‍රෑම් 2200 ක් මේ තුලින් උපයාගත හැකිවීමය.

ඔලිමිපික් පදක්කමි සටහනේ ඉදිරියෙන්ම ඉන්න රටක් රුසියාව නමුත් මෙවර රුසියාව ඔලිම්පික් තරඟයට ආවෙ නෑ නමුත් රුසියන් ක්‍රීඩකයො හිටිය. ඒ කොහොමද ?

2014 සෝචි ඔලිම්පික් උළෙලෙන් පසුව මතු වූ තහනම් උත්තේජක අපවාදයක් නිසා රුසියාවට ටෝකියෝ ඔලිම්පික් උළෙල තහනම් කිරීමට හේතු විය. කෙසේ වෙතත්, රුසියාව තම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඊට සහභාගී වීමට අවසර දී ඇත. නිල වශයෙන් ඔවුන් නියෝජනය කරන්නේ තම මව් රට නොවේ; ඔවුන් නියෝජනය කරන්නේ රුසියානු ඔලිම්පික් කමිටුවය.
එබැවින් මෙම ක්‍රීඩා උළෙලේදී කිසිදු වේදිකාවක් උඩින් රුසියානු ධජයක් තැබීමට ඉඩ නොදුන් අතර රුසියානු ජාතික ගීය වාදනය කළ නොහැක. ඒ වෙනුවට රුසියාවේ රන් පදක්කම් ලාභීන්ට චයිකොව්ස්කිගේ පියානෝ ප්‍රසංග අංක 1. අහන්නට ලැබුණි “රුසියාව” යන වචනයටවත් රුසියානු ධජයවත් කිසිදු නිල ඇඳුමක් මත තබා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කිසිදු අවසර නැත. නමුත් රුසියානු කොඩියේ රතු, සුදු සහ නිල් වර්ණ කණ්ඩායම් නිල ඇඳුම් සඳහා අවසර දී තිබුණි.

ඔලිම්පික් ජිමනාස්ටික් ක්‍රීඩාවෙිදී කාන්තා පාර්ශවය රඟ දක්වන විට පසුබිමින් සංගීතයක් වාදනය කිරීම සිදුවේ. එහෙත් පිරිමි පාර්ශවය රඟ දක්වන විට කිසිදු සංගීතයක් නැත ඒ ඇයි ?

1896 ඔලිම්පික් උළෙලේදී පවා පිරිමි ජිම්නාස්ටික් අංශය තිබිනි. නමුත් දශක ගනනාවක් ගත වන තුරු එනම් 1928 වන තුරු කාන්තාවන්ට ජිම්නාස්ටික් සදහා තරඟ කිරීමට නොහැකි විය.
හිටපු ජාත්‍යන්තර ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වන ජෝර්ජියා සර්වින් සීඑන්එන් වෙත පවසා තිබුනේ ‘‘ ඔලිම්පික් උළෙලට ජිම්නාස්ටික් ක්‍රීඩාව හඳුන්වා දී තිබුනේ පිරිමි චර්යාවන් සහ ශක්තිය ඉස්මතු කර පෙන්වීම සදහාය. ඔලිම්පික් කමිටුවට අනුව කාන්තාවන්ගේ චර්යාව කරුණාව සහ ස්ත්‍රී භාවය අවධාරණය කරයි . එබැවින් එය ඔවුන්ට නොහැකිය.

නමුදු 1928 දී කාන්තාව ඔලිම්පික් ජිම්නාස්ටික් කරළියට සිය සුන්දරත්වය සහ නම්‍යශීලී බව අවධාරණය කරන මෘදු, රිද්මයානුකූල, ගලා යන අති රමණීය චලනය ද රංගනයද ගෙන ආවාය” එහෙයින් ඇයට සංගීතය අවශ්‍යම විය. පිරිමියා පෙන්වන්නේ සිය ශක්තිය බැවින් ඊට සංගීතයක් අවශ්‍ය නැත.

2020 ටෝකියෝ ඔලිම්පික්හිදි ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රිඩක ක්‍රීඩිකාවන් සියල්ලෝම බැට්මෑන්ගේ මුහුනු ආවරනයක් මෙන් පෙනෙන පරිද වෙස් මුහුණු පැළඳ සිටියේ ඇයි? ඒවා දැඩි ආරක්ෂිත මුව ආවරණද ?

අපි මේ ගැන සොයා බැලුවා. නයික් සමාගම විසින් සාදන ලද මෙම වෙස් මුහුණුවල අමතර ආරක්ෂාවක් හෝ වෙන කිසිවක් නැත. ඒවා බොහෝ විට විලාසිතා ප්‍රකාශනයන් ය. .

ඔලිම්පික් කමිටුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනාගත් පදක්කම් සඳහා යම් මුදලක් පිරිනමනවාද ?

නැහැ ! නමුත් සමහර රටවල් ඔලිම්පික් ක්‍රීඩකයින්ට මුල් ස්ථාන 3 සඳහා මුදල් ගෙවීමක් කරනු ලබයි . උදාහරණයක් වශයෙන් එසේ පදක්කමි ලබාගත් ක්‍රීඩක ක්‍රීිඩිකාවන්ට වැඩියෙන්ම මුදල් ගෙවන රටවල් මෙසේ පෙලගැස්විය හැක.
රන්පදක්කමක් සදහා ( එක්සත් ජනපද ඩොලර් )

සිංගප්පුරුව – 737,000

කසකස්තාකය -250,000

මැලේසියාව – 236,000

ඉතාලිය – 213,000

හංගේරියාව – 168,000

ඉන්දියාව -100,000

බ්‍රසීලය – 49,000

එක්සත් ජනපදය – 37,500

කැනඩාව – 16,000

ඔස්ට්‍රෙිලියාව – 15,000

– උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

20 + 17 =