පොහොට්ටු ප්‍රබලයෙක් හා ශ්‍රීලනිප දෙදෙනෙක් මේ සතියේ එජාපයට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල මන්ත්‍රීවරයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය සමඟ මේ සතියේදී එක්වීමට සියලු කටයුතු සූදානමින් පවතින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. 

මෙම පොහොට්ටු ප්‍රබලයා මෑතකදී තමන්ට එල්ල වී තිබුණු චෝදනා කිහිපයකින් අධිකරණය විසින් නිදොස්කොට නිදහස් කළ අයෙකු බවයි වැඩිදුරටත් වාර්තා වූයේ. 

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දෙදෙනා සමඟ ද සාකච්ඡා සාර්ථකව අවසන්ව ඇති අතර ඇතැම්විට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තිදෙනෙකුම මෙසේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ මේ සතියේදී එක්විය හැකි බව ද ආරංචිමාර්ග සඳහන් කළේය. 

LNW

Leave A Reply

Your email address will not be published.

4 × 1 =