රාජ්‍ය බලයට එරෙහි ජනතා බලය…

මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු බලය තුනෙන් දෙකකට ආසන්න එකකි. එහෙන් මෙහෙන් හතර පස් දෙනකු අල්ලසක් දී අල්ලා ගත් පසු තුනෙන් දෙක අටවා ගැනීම අපහසු නැත. එමෙන් ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2015ට පෙර 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ වර්ධනය කොට ගත් විධායක බලතල 19 වැනි සංශෝධනයෙන් ඉවත් කළ ද, නැවත එයටත් වැඩි බලතල සහිත 20 වැනි සංශෝධනය ගෙන ආවේ ය. එය සම්මත කළේ ද තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයකිනි.

එපමණක් නොව ආණ්ඩුවේ තනතුරුවලට පමණක් නොව අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස ද හිටපු ජෙනරාල්ලා තොග පිටින් දා ගත්තේය. මේ ආණ්ඩුවේ විධායක ජනාධිපති හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ය. සිවිල් ආරක්ෂක බළකායේ හිටපු ලොක්කා පොලිස් ඇමැති ය. එපමණක් නොව රාජපක්ෂලා පස්දෙනෙක් කැබිනට් මණ්ඩලයේ සිටිති. පාර්ලිමේන්තුවේ එයටත් වැඩි ය. හිටපු විධායක ජනාධිපති කෙනකු වන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අගමැති ය. ඒ අනුව බලන විට බලය පැත්තෙන් මේ ආණ්ඩුවට මොනවා ද අඩු යන්න ප්‍රශ්නයකි.

බලයෙන් උමතුව උද්ධච්ච ලෙස හැසිරෙන ආණ්ඩුව, ‘විකිණීම’ තම පරම ආර්ථික උපාය ලෙසින් ක්‍රියාවට නංවයි. එසේම අර්බුද මවමින් සහ දිග්ගැස්සුණු අර්බුද නඩත්තු කරමින් මර්දනීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙමින් සිටියි. එහෙත්, ආණ්ඩුව දණගස්වමින්, පස්සට තල්ලු කරමින්, ඒ සියලු ජනතා අරගල ජයග්‍රාහී දිශාවට යාම වැළැක්විය නොහැකි විය.

එම දේශපාලන බලය කොරෝනා පාලනය වැනි අත්‍යවශ්‍ය පුරවැසි අවශ්‍යතාවක් වෙනුවෙන් යොදවනු වෙනුවට සිදු වන්නේ ජනතා විරෝධී අණපනත්, ක්‍රියාමාර්ග වෙනුවෙන් යෙදැවීමයි. බලයෙන් උමතුව උද්ධච්ච ලෙස හැසිරෙන ආණ්ඩුව, ‘විකිණීම’ තම පරම ආර්ථික උපාය ලෙසින් ක්‍රියාවට නංවයි. එසේම අර්බුද මවමින් සහ දිග්ගැස්සුණු අර්බුද නඩත්තු කරමින් මර්දනීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙමින් සිටියි. එහෙත්, ආණ්ඩුව දණගස්වමින්, පස්සට තල්ලු කරමින්, ඒ සියලු ජනතා අරගල ජයග්‍රාහී දිශාවට යාම වැළැක්විය නොහැකි විය.

ගොවියා පොහොර ඉල්ලා කළ සටන හමුවේ ආණ්ඩුව අඩියක් පසුපසට ගත්තේ ය. කාබනික පොහොර අනිවාර්යය කර තිබිය දී, ආණ්ඩුවටත් හොරෙන් රසායනික පොහොර නැවක් රටට ආවේ ය. ඒ ගොවි උද්ඝෝෂණවල පෙළැඹවීම නිසා ය. වරාය නැඟෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්නට වලිකෑවේය. එයට එරෙහිව වෘත්තීය සමිති ප්‍රමුඛ වූ ජනතා විරෝධයක් මතු විය. ආණ්ඩුව පය ආපස්සට ගත්තේ ය. කොතලාවල විශ්වවිද්‍යාල පනතට අත් වුණේ ද එම ඉරණම ම ය.

ගුරු-විදුහල්පති වැටුප් සටන දැවැන්ත මහපාරේ විරෝධයක් බවට පත් විය. අවලාද, අත්අඩංගුවට ගැනීම්, “කාලකණ්ණි” වැනි නම් පටබැඳීම් වැනි මර්දන හමුවේ එම සටන පසුපසට ගියේ නැත. මේ හැම සටනක ම පසුබිම ජනතා වුවමනාවන් ය; අභිලාෂයන් ය. ආණ්ඩුව සිටින්නේ ජනතා අභිලාෂයන්ගේ පැත්තේ නොව ඊට එරෙහි පැත්තේ ය.

කොවිඩ් ප්‍රශ්නයේ දීත් ආණ්ඩුව ගෙන ඇත්තේ, ජනතාවගේ පැත්ත නොවේ. ඒ නිසා කොවිඩ් වෛරසයට එරෙහි සටන දැන් ජනතාවගේ අතට ගැනීමට සිදුව තිබේ. එය ආණ්ඩුවට එරෙහි සටනක් ද වීම වැළැක්විය නොහැකි ය.

ආණ්ඩුව කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය රට පුරා ව්‍යාප්ත වෙද්දී, ආර්ථිකය රැකගන්නට යැයි කියමින් එය පාලනයට ප්‍රමාණවත් පියවර ආණ්ඩුව ගන්නේ නැත. ‘කොවිඩ් සමඟ ජීවත් වෙමු’ යන්න ආණ්ඩුවේ ආදර්ශ පාඨයයි.  කොවිඩ්  මර්දන පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින සෞඛ්‍ය බලධරයන්ට ජනාධිපතිගේ සිට බාර්කාර ඇමැතිලා දක්වා පිරිස විරෝධය දක්වති; අපහාස කරති; අවලාද නඟති.

එහෙත්, දැන් ජනතාව සවේච්ඡාවෙන්ම තම ප්‍රදේශය ලොක්ඩවුන් කරගනිමින් සිටිති. වෙළෙඳ සංගම් ස්වාධීනව එසේ කරයි. දැන් රජයේ සහ පෞද්ගලික වෘත්තීය සමිති ද එයට සහාය දක්වන්නට ඉදිරිපත්ව සිටී. මේ සියල්ල හමුවේ ආණ්ඩුවේ අසීමිත බලය විශාල විදුලි පන්දමක එළියක සිට කණාමැදිරි එළියක්  දක්වා දුබල වූ සේ ය.

මින් කියැවෙන කාරණය අන් යමක් නොව කෙතරම් ව්‍යවස්ථාපිත බලයක් තිබුණ ද තම අත රැඳි ජන බලය ගිලිහෙන තත්ත්වයක දී පාලකයා පරදින බව ය. ජනතාව තේරුම් ගත යුත්තේ ජන්ද කොළය මත කතිරය ගසා තමන් පාවා දෙන්නේ තමන් සතු සැබෑ පරමාධිපත්‍ය බලය බව ය. සංවිධානාත්මක ජන අරගලවලට ඕනෑම ඒකාධිපතියකු, උද්ධච්ච පාලකයකු දණගැස්විය හැකි ය. ඉන් කියැවෙන්නේ බලය තිබෙන්නේ ව්‍යවස්ථාවේ හෝ ආරක්ෂක පද්ධතිය මත නොව සටන් කරන ජනතාව අත බව ය●

 

 

Leave A Reply

Your email address will not be published.

5 + ten =