දිනක් තුළ වැඩිම මරණ 195 ක් සහ වැඩිම අසාදිතයින් 3,835 අද (20)

ඊයේ (19) දින කොවිඩ් මරණ 195 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙම මරණ 195 ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,985 ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
මේ අතර අද දිනට (20) තහවුරුකර ඇති ආසාදිතයින් සංඛ්‍යාව 3,835 ක් බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් යාවත්කාලීන කළ නිවේදනයේ සඳහන් වේ.

මෙම මරණ 195 සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.

අවුරුදු 60 ට වැඩි 151 දෙනෙක් අවුරුදු 59 – 30 ත් අතර 43 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු 1 අයෙක් මෙම මියගිය පිරිස අතර වෙයි.

Leave A Reply

Your email address will not be published.

eleven − 5 =