දින 10ක් මුළු රටටම නිරෝධායන ඇඳිරිනීතිය

කෝවිඩ් -19 පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස විවිධ පාර්ශව ඉල්ලීම් කළද ඒ කිසිවකටත් ඇහුන්කම් නොදුන් රජය මල්වතු – අස්ගිරි නාහිමිවරුන් ඉල්ලීම් කිරීමෙන් පසු අද සිට දින 10ක් රට වසා තැබිමට තීරණය කර ඇත.

අද (20) රාත්‍රී 10.00 සිට මෙම මස 30 වැනි දා අලුයම 4.00 දක්වා රට පුරා නිරෝධායන ඇඳිරිනිතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
කෝවිඩ් මර්ධන කමිටුව අද සවස ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වූ අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.

මෙම කමිටු රැස්වීමට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන්ද මෙම කමිටුවට සහභාගී වී ඇත.

එම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාහැකි බව හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ අද සවස ජාතිය ඇමැතීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.

4 × one =