දිනක් තුළ වැඩිම මරණ ඊයේ (186) සහ වැඩිම ආසාදිතයන්(3,806) අද

ඊයේ (18) දින කොවිඩ් මරණ 186ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙම මරණ 186ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,790ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
මේ අතර අද දිනට (19) තහවුරුකර ඇති ආසාදිතයින් සංඛ්‍යාව 3,806ක් බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් යාවත්කාලීන කළ නිවේදනයේ සඳහන් වේ.

විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයින් 13ක්ද මේ අතර වෙයි.
මෙම  මරණ 186  සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 147 දෙනෙකු සිටින අතර අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන් 35 ද වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් 4 දෙනෙක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

Leave A Reply

Your email address will not be published.

seventeen − 5 =