“පොසිටිව් වෙන අය දාන්න දිහාවක් නැති නිසා පී.සී.ආර් සහ අන්ටිජන් කරන්න එපා කියල”

- වෛද්‍ය නලින්ද ජයතිස්ස

ආණ්ඩුව තවමත් රට තුළ රෝගය සමාජගතවෙලා නෑ කියා කීමට උත්සාහ කරමින් සිටින බවත් මේ වන විට බොහෝ පුද්ගලික රෝහල් වලට කියමින් යනවා රෝගීන් දාන්න තැන් නැති නිසා පී.සී.ආර් සහ අන්ටිජන් කරන්න එපා කියලා එම් ඕ එච් වරුන් කියමින් යන බව ජනතා විමුක්ති පෙරමුනේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (19) අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය හමුවකට සහබාගි වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස ,

“මේ වෙනකොට රෝගය සමාජගතවෙලා කියල හරි පැහැදිලියි. යම්කිසි ආසාදිතයෙකුට රෝගය වැළඳුනු මුලාශ්‍රය සොයාගැනීමට නොහැකිනම් ඒක තමා රෝගය සමාජගතවෙලා කියල කියන්නෙ.
අදත් අපි දැක්ක සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් මාධ්‍ය ඉදිරියේ පෙනීසිටින විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියනව තවම රෝගය සමාජගතවෙලා කියන්න ඔවුන්ට හේතු නෑ කියල.
පසුගිය කොවිඩ් රැල්ලේදීත් ආණ්ඩුව රටේ කොහෙන් හම්බ වුනත් ඒ අයට කිරිබත්ගොඩ පොකුර, පෑලියගොඩ පොකුර කියල ඒ පොකුරු දෙක විශාල කළා. එහෙම කලේ රෝගය සමාජගත වෙලා නෑ කියන එක පෙන්වන්න. අදත් සෞඛ්‍ය අංශයේ ඉහළ බලධාරීන් හරහා ජනාධිපතිවරයා සහ ජනාධිපති කාර්යසාදන බලකාය කියවන්න උත්සාහ කරමින් ඉන්නවා කරනවා රෝගය සමාජගතවෙලා නෑ කියල.

ඊයේ සහ පෙරේදා වන විට අපේ රටේ පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන වලින් කියනව පී.සී.ආර් සහ අන්ටිජන් කරන්නෙ නෑ, හේතුව ප්‍රදේශයේ ඉන්න එම් ඕ එච් කියනවා පොසිටිව් උනාට දාන්න තැන් නෑ කියල. මේ නිසා රෝගීන් පිලිබඳ ඇත්ත දත්ත එන්නෙ නෑ.”

Leave A Reply

Your email address will not be published.

three + 11 =