රට වැසීමට කටයුතු කරන්න, අස්ගිරි – මල්වතු මහානායක හිමිවරු ඉල්ලයි

රටෙහි පවතින තත්වය මත කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සතියක කාලයක් සඳහා හෝ රට වසා තැබීමට කටයුතු කරන ලෙස ඉල්ලා අස්ගිරි – මල්වතු මහානායක හිමිවරු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත විශේෂ ලිපි යොමුකර තිබේ..

ඉදිරි මාස කිහිපය තුළ දී ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදය පිළිබඳව සේඛ්‍ය සංවිධානය මඟින් ද අනතුරු අඟවා ඇතැයි මහානායක හිමිවරු පෙන්වා දෙති.
ආසාදිතයන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාවද දිනින් දින ඉහල යමින් පවතින අතර එය පාලනය කිරීමේ අපහසුතාව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී ඇති බවද මහානායක හිමිවරු පෙන්වා දෙති.

කොරෝනා වෛසරය දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට සමස්ත රටවාසීහු මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බව ද මල්වතු – අස්ගිරි මහානායකහිමිවරු පෙන්වා දෙති.

මෙනිසා ජන ජීවිතය සුරක්ෂිත කරනු සඳහා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා නිර්දේශ සතියක පමණ කාලයක් හෝ රට වසා ජනතාවට අවශ්‍ය පහසුකම් සලසමින් රෝග ව්‍යාප්තිය පාලනය කරන්නැයි මල්වතු මහාවිහාරයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන හිමියන් සහ අස්ගිරි මහාවිහාරයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද හිමියන් ජනාධිපතිවරයා ට අවධාරණය කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

nine − 6 =