වයස 59 ට අඩු මරණ 40 ක්, ඊයේ (17) කොවිඩ් මරණ 170 ක්

ඊයේ (17) දින කොවිඩ් ආසාදිතවූ තවත් 170 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. මෙම වාර්තා වලට අනුව දිනක් තුළ වයස 59 ට අඩු වැඩිම මරණ වාර්තා වී ඇත්තේ ඊයේ දිනය තුලය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6,604 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය අයගෙන් 130 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 40 දෙනෙක් ද වෙති

ඡායාරුප- නලින් හේමන්තගේ fb පිටුවෙන්

Leave A Reply

Your email address will not be published.

sixteen + 1 =