ලංකාව වගේ රටක එඬේරුකුගේ රස්සාව පහත් කරල සලකන්නත් බොරු කියන හොරකං කරන දේශපාලකයකුගේ රස්සාව උසස් විදිහට සලකන්නත් හේතුව මොකද්ද ?

මේ දවස් ටිකේ “හරක් හා එළදෙන්නු” දැකල ඇති වෙලා හිටියත් ඉතිං …මේ එඬේර තරුණයාගෙ පිංතූරෙ පලකරන්නම හිතුන.
ලංකාව වගේ රටක එඬේරුකුගේ රස්සාව පහත් කරල සලකන්නත් ජීවිතේ පුරාම බොරු කියන හොරකං කරන දේශපාලකයකුගේ රස්සාව උසස් විදිහට සලකන්නත් හේතුව මොකද්ද මට තාම තේරුම් ගන්න බෑ.
ස්ව්ට්සර්ලන්තයේ ගොවිතැන වගේම එඬේර රස්සාවත් පිලිගත් වගේම හොඳ ආදායමක් ලැබෙන රැකියාවක්.
ආදායම අඩු වුනොත් රජයෙන් මදි පාඩුව ගෙවන්න තරම් මේ රැකියා වැදගත්.
බොහෝ උගත් තරුණ තරුණියො මේ රැකියාවලට එක්වෙන එක විලාසිතාවක් තරමටම ජනප්‍රියයි.
බොහෝ යුරෝපා රටවල තියනව රූපවාහිනී වැඩසටහන් ( Reality Show) “ගොවියා සහකාරියක්/සහකාරයෙක් සොයයි “යන නමින්.
“Farmer Seeks the partner. ”
මේ වැඩසටහනට පුදුමාකාර ඉල්ලුමක් තියෙන්නෙ.
ධනවත්.. ප්‍රසිද්ද ව්‍යාපාරිකයො …නීතිවේදීන්.. ගුරුවරු.. විශේෂඥ්ඥ වෛද්‍යවරු වැනි වෙනත් රැකියාවල යෙදිල ඉන්න අය බොහෝ දෙනෙක් මේ වැඩසටහන් වලට සහභාගි වෙන්නෙ ගොවියාගේ ( ගෙවිලිය හා එඬේරුන්ද ඇතුළුව) සහකරු හෝ සහකාරිය වෙලා ගොවිපලට එන්න බලාපොරොත්තුවෙන් .
කොහොම උනත් සංතෝසෙන් ආසාවෙන් තමන්ගෙ රැකියාව කරන මේ වගේ තරුණ තරුණියො දකින්නත් ආසයි..
-Malcolm Sang (fb)

Leave A Reply

Your email address will not be published.

nineteen + 3 =