“මිනිස්සු මැරිලා වැටෙනවා, ජනාධිපතිතුමාට කියන්න කෙනෙක් නෑ, ඔත්තු සේවය දාලා හොයලා බලන්න”

- වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන

උදේ මං මෝචරිය ගාවින් යනකොට හැමදාම මිනිස්සු මැරෙනවා. මැරි මැරි වලලනවා. මේක පේන්නේ නැද්,? මෙලෙස මාධ්‍යට පවසන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතාය. ඔහු විසින් කොවිඩ් ආසාදිත මරණ සිදුවන ආකාරය සම්බන්ධයෙන් සංවේදී සිදුවීමක් මාධ්‍යයට කියා සිටියේය.

වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන ගේ වචනයෙන් එය මෙසේය.

“කරාපිටිය රෝහලේ පාන්දර පුද්ගලයෙක් රෝද පුටුවක අයිතිකාරයෙක් නැතුව පැය භාගයක් හති හලලා මැරෙනවා. කවුරුවත් ළංවෙන්නේ නෑ හොයලා බලන්න. මෙහෙ විතරක් නෙමෙයි මේ විදියට රටේ හැමතැනම මිනිස්සු මැරෙනවා. ජනාධිපතිතුමාට කියන්න කෙනෙක් නෑ. ඔත්තු සේවය දාලා හොයලා බලන්න. වෛද්‍යවරු බයේ හැංගිලා ඉන්නවා මේක ෆොන් එකකින්වත් ගහලා දාන්නේ නෑ. ඒ් නිසා තව දුරටත් කට වහගෙන ඉන්න බෑ. මගේ වෛද්‍ය වෘත්තියවත් අනිත් ඒවාවත් මට වැඩක් නෑ. අද උදේ මං මෝචරිය ගාවින් යනකොට හැමදාම මිනිස්සු මැරෙනවා. මැරි මැරි වලලනවා. මේක පේන්නේ නැද්ද ? මම කතා කරන්නේ දත්ත එක්ක. වහාම අපේ රටේ මිනිස්සු මැරෙන එක නවත්වන්න.” යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.

1 × 4 =