ඊයේ(16) ත් දිනක වැඩිම මරණ 171 ක්, වයස 59 ට අඩු මරණ 37 ක්

ඊයේ (16) දින කොවිඩ් මරණ 171ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙම මරණ 171ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,434ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මෙය වෙයි.

මෙම මියගිය පිරිස අතර වයස අවුරුදු 60 ට වැඩි 134 දෙනෙකු, අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 35 දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු දෙදෙනෙක් ද වන බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

Leave A Reply

Your email address will not be published.

20 + eleven =