ලග්ගලදී රනිල්ට එජාපයේම පිරිසක් හූ කියයි

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පැවති ජන රැළියකදී අගමැති රනිල් වික්‍රමසිංහට දැඩි විරෝධයක් එල්ල විය.

මාතලේ ලග්ගදී පැවැති මෙම රැලියේ දී මුලදීම එක් පුද්ගලයෙකු විරෝධතාවයක දක්වමින් කියා සිටියේ බැංකු හොරුන් සම්බන්ධ කර නොගන්නා ලෙසයි.

ඉන් අනතුරුව එම රැස්වීමට පැමිණි රනිල් වික්‍රමසිංහ ජනරැළිය අමතද්දීද පිරිසක් හූ තියමින් විරෝධයේ යෙදුනහ.

මෙම විරෝධතාවය වේලාසන සැලසුම් කරන ලද්දක් බව එක්සත් ජාතික පක්ෂයේ රනිල් හිතවාදී පිරිස් අතර දැඩි කතාබහකට ලක්ව තිබේ.

Leave A Reply

Your email address will not be published.

8 − 4 =