තවත් නඟර 15 ක් වසා දැමීමට නියමිතයි

රට පුරා කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් දෙහිඅත්තකන්ඩියෙන් ඇරඹි නඟර වසා දැමීම හෙට(18) හෝ අනිද්දා තවත් නගර 15ක වෙළඳසැල් වසාදැමීමට එම වෙළඳසැල් හිමියන් සහ නාගරික වෙළඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇත.

මේ අනුව ත්‍රිකුණාමලය නගර සභා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, කෑගල්ල, හලාවත, අම්පාර, වෙන්නප්පුව, කැකිරාව, මොණරාගල, දිවුලපිටිය, දැරණියගල, ඌරගස්මංහන්දිය, වාද්දුව, බාඳුරාගොඩ, රිකිල්ලගස්කඩ සහ අලව්ව යන නගර මෙන්ම, යාපනය කොඩිකාමම්හි වෙළඳ සංකීර්ණය ද මෙලෙස වසා දැමීමට තීරණය කර තිබේ.

මේ අතරින් ඇතැම් නඟරවල වෙළඳසැල් සතියක කාලයක් සඳහාත්, තවත් නගරවල සති දෙකක් සහ තවත් ඒවා නැවත දැනුම්දෙන තුරු වසාදැමීමට ව්‍යාපාරිකයන් තීරණය කර තිබෙන බව එම වෙළඳ සංගම් පවසයි.

මේ වන විටත් රට පුරා නගර 16ක කඩ සාප්පු වසා දමා තිබේ.

එම නඟර වන්නේ, ගම්පහ, අම්බලන්තොට, අම්බලන්ගොඩ, මරදගහමුල, වේයන්ගොඩ, දංකොටුව, සේරුනුවර, පලාපත්වල, උල්පත, තංගල්ල, බදුල්ල, බලංගොඩ, වලපනේ, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය සහ මාතලේ යටවත්ත යේලක්කරය මේ වන විටත් කඩ සාප්පු වසා දමා ඇති නගර වේ.

 

 

Leave A Reply

Your email address will not be published.

ten − 5 =