රටේ සියලු ප්‍රශ්ණ උග්‍ර තත්වයක තිබියදී ඊට විසඳුම් ලෙසදෝ අමාත්‍යාංශ හතක ඇමතිවරු මාරුකරයි

රට වහනවාද නැතිද යන සංවාදය රටතුළ පවතිත්දී, රට තුළ පවතින රෝහල් පද්දතිය වසංගතයට මුහුණ දීමට තරම් ප්‍රමානවත් ද යන ප්‍රශ්නය ප්‍රධාන මාතෘකාව ලෙස ඉදිරියට පැමිණෙත් දී කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් නව අමාත්‍යාංශවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

තමා වත් නොදන්නා යෝජනාවක් කැබිනට් එකට ඉදිරිපත්කරන්නට සිදු වූ විදුලි බල අමාත්‍ය ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය., කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව නායකත්වට කීකරු ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණි ලොකුගේ නව විදුලිබල අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.
වෛද්‍ය විද්‍යාව හැර අනෙක් සියලුම මිත්‍යාවන් විශ්වාස කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නාය. රටේ ප්‍රශ්නයකට බුද්ධිමත්ව පිළිතුරු දෙනවා වෙනුවට රටේ පැතිරෙන වසංගතය පාලනය කිරීමට විසඳුම් සොයනවා වෙනුවට එය දෙවියන්ට භාරදීමට යෝජනාකළ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිමුරුම් දුන්නේය.පොහොට්ටු පක්ෂයේ ලේකම් වරයාට සැලකිල්ලක් දක්වනු වස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ජී.එල් පීරිස් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර සසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ වැඩ පිළිවෙලට එකඟතාවය පල නොකරමින් ආණ්ඩුව තුල වෙනම කණ්ඩායමකට ගොනු වීමට වෙර දැරූ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

මෙවර ඔලිම්පික් තරඟාවලියට රට නියෝජනය කරමින් සහබාගි වූ එකම මලල ක්‍රීඩිකාවට යලි ක්‍රීඩාව එපා වෙන තැනට පාර්ලිමේන්තුවට පැමිණ අභූත චෝදනා නැගූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට දැනට කටයුතු කරන අමාත්‍යංශවලට අමතරව සංවර්ධන අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

 

Leave A Reply

Your email address will not be published.

7 − 2 =