තලේබාන් සටන්කාමීන් ජනාධිපති මන්දිරයද අත්පත් කර ගනියි

සන්නද්ධ සටන්කාමීන් විසින් කාබුල් අගනුවර ජනාධිපති මන්දිරයද අත්පත් කරගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අතර ජනාධිපති මන්දිරයේ පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසු, ඇෆ්ගනිස්තානයේ යුද්ධය අවසන් කළ බව, තලේබාන් සංවිධානය නිවේදනය අද උදෑසන නිවේදනය නිකුත් කර ඇති බවද වාර්තා වේ.

තලේබාන් සටන්කාමීන් විසින් කාබුල් අගනුවර බලය තහවුරු කර ගැනීමත් සමග ඇෆ්ඝනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි පලා යාමට කටයුතු කළ අතර ඒ අසල්වැසි ටජිකිස්ථානයට බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රජය සහ තලේබාන් සංවිධානය අතර බලය බෙදා ගැනීමේ එකගතාවයකට එළැඹීමට නියමිතව තිබියදී ජනාධිපතිවරයා විසින් මෙසේ පළාගොස් තිබෙන බවද වාර්තා වේ.

කාබුල් ගුවන් තොටුපළ ඇතුලු ස්ථාන රැසක ඊයේ රාත්‍රියේදීත් පිපිරීම් සිදුවී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

Leave A Reply

Your email address will not be published.

one × two =