“රටේ තත්වය දරුණුයි ඒක හංගන්න දෙයක් නැහැ”

- රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

ශ්‍රී ලංකාවේ තත්ත්වය මේ වෙනකොට දරුණුයි. ඒක හංගන්න දෙයක් නැති බවද මෙරට වාර්තා වන ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය විකෘති වෙමින් පවතින බවද ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අනාවරණය කරයි.

අනුරාධපුරයේ පැවැති වැඩසටහනකට සහභාගී වී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ මේ සඳහා වාහම සුදානම් විය යුතුව ඇති බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ “ශ්‍රී ලංකාවේ තත්ත්වය මේ වෙනකොට දරුණුයි. ඒක හංගන්න දෙයක් නැහැ. ඉදිරි සති දෙක ඉතාමත්ම තීරණාත්මකයි. රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන්න පුළුවන් කාල සීමාවක් තමයි ඉදිරියේ දී එන්නේ. ඒ නිසා අත්‍යවශ්‍යම කටයුතුවලට හැර තමන්ගේ නිවෙස්වලින් එළියට යන්න එපා. එහෙම ගිහින් නිරාවරණය වුණාම වයිරසය හැදෙන්න පුළුවන් කියන එක හිතේ තබාගෙනම එළියට යන්න ඕනෑ. ලෝකය පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට අපේ රටෙත් සීඝ්‍රයෙන් පැතිරෙමින් යනවා.”යනුවෙනි.

දෛනිකව විශාල ජීවිත ප්‍රමාණයක් මේ නිසා අහිමි වෙමින් පවතින බවද චන්න ජයසුමන අමාත්‍යවරයා පවසයි.

Leave A Reply

Your email address will not be published.

three + 5 =