රජයේ කල්මැරීම හමුවේ පළාත් රැසක නඟර වසයි

අද (16) සිට මරදගහමුල , වේයන්ගොඩ , දිවුලපිටිය , අම්බලන්තොට , මාතලේ පලාපත්වල , සේරූනුවර , ඌව පරණගම ලුණුවත්ත යන නඟරවල එසේ කඩසාප්පු වසා දැමීමට එම නගරවල ව්‍යාපාරික සංගම් තීරණය කොටතිබේ.

මෙම ක්‍රියාවලිය ආදර්ශයට ගනිමින් තවත් නගර රැසක තීරණය ඉදිරි දින දෙක තුන තුළ තීරණය කරණ බවට වාර්තා පලවෙමින් පවතයි.

රට පුරා පවතින උග්‍ර වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් රජයේ පාර්ශවයෙන් රට වසා දැමීමට කිසිදු පියවරක් නොගන්නා තත්වය මත නගර ආශ්‍රිතව වල කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉතා ඉහළ යෑම හේතුවෙන් මෙම තීරණ ගෙන ඇත..

මෙසේ ස්වකැමැත්තෙන්ම සතියක මෙන්ම සති දෙකක කාලෙකට වසා දැමීමට එම නගරවල වෙළඳ සංගම් තීරණය කොට තිබේ.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ ඉල්ලීම සමඟ මේ වන විටත් පිටකොටුව කොටුව , මරදාන , බොරැල්ල ආදි කොළඹ නගරයේ ජනාකීර්ණ පෙදෙස් වල ජනතාව ස්වකැමැත්තෙන්ම හුදකලා වී සිටින බවද වාර්තා වේ.

රටම වසා දමන (ලොක් ඩවුන්) ලෙස වෛද්‍ය අංශ , මහජන සෞඛ්‍ය සේවා අංශ දිගින් දිගටම රජයෙන් ඉල්ලීමක් රජයෙන් ඊට අනුමැතිය ලැබුණේ නැහැ.

මේ නිසා තම ආරක්ෂාව තමන්ම සපයා ගැනීම සඳහා අද (16) සිට ස්වයංව ලොක් ඩවුන් වල ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වන උපුල් රෝහණ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියේම ජනතාවගෙන් ඉල්ලීමක් කිරීමට ඊයේ කටයුතු කළේය.
ඊට ජනතාවගේ මෙන්ම වෙළෙඳ සංගම් වල යහපත් ප්‍රතිචාර ලැබෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.

Leave A Reply

Your email address will not be published.

16 − four =