තිරසාර අනාගතයක් උදෙසා තරුණ පරපුර යොමු කළ Active Citizens වැඩසටහන

බ්‍රිතාන්‍ය කවුන්සිලය මෙම වසර ආරම්භයේදී, Muslim Aid Sri Lanka ආයතනය සමග එක්වී ‘Active Citizens’ නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කළේය. දේශගුණික විපර්යාසවල බලපෑම අවම කරමින් පරිසරය ආරක්ෂා කිරීමට දායක වීමට තරුණ නායක නායිකාවන් සතු හැකියාව වර්ධනය කරවීම ඔස්සේ ප්‍රජා සාමූහිකත්වය සහ සංවර්ධනය ළඟා කරගැනීම මෙම වැඩසටහනේ පරමාර්ථය විය. ‘Active Citizens’ වැඩසටහනට දායක වූ තරුණ තරුණියන් විසින් මේ යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ව්‍යපෘති 6ක් ක්‍රියාවට නංවන ලදී.

ජපන් ජාතික සුප්‍රකට පරිසරවේදියෙකු වන මසනොබු ෆුකුඕකා ගේ සංකල්පයක් පදනම් කරගත් ‘Throw to Grow: Seed Balls for Climate Action’  ව්‍යාපෘතියෙහි මූලික ඉලක්කය වූයේ විවිධ වර්ගවල බීජ, පොහොර සහ ශාක වර්ධනයට උපකාරී වන තවත් සංරචක සහිත බීජ බෝල විසුරුවා හැරීම මගින් නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල වනගහනය වැඩි කරවීමය. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා වඩාත් දරුණු අතට හැරී ඇති ශ්‍රී ලංකාවේ වනාන්තර හෙළිපෙහෙළි වීමේ ගැටලුවට පිළියමක් ලෙස මෙහිදී තරුණ ස්වේච්ඡා සාමාජික සාමාජිකාවෝ මීගමුව කලපුව සහ කැලණි ගංමෝය අසල ජනාවාස නොමැති බිම් ප්‍රදේශවල බීජ බෝල 5,000 ක් විසුරුවා හැරියහ.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සහ, සාගර ජීවීන්ට අහිතකර ලෙස බලපාන සාගර දූෂණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම්වත් කිරීම් සිදුකිරීම ‘Youth Against Debris’ (YAD) ව්‍යාපෘතියේ අරමුණ විය. මෙවැන්නක් ක්‍රියාත්මක කෙරෙන්නේ මේ වනවිට ශ්‍රී ලංකාව සාගර දූෂණය සම්බන්ධයෙන් ලොව 5 වැනි ස්ථානයට පත්වී තිබෙන තත්ත්වයක් තුළ වීම විශේෂයකි. මෙම ව්‍යාපෘතිය යටතේ ස්වේච්ඡා තරුණ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් විසින් කොළඹ දිස්ත්‍රික්කයේ වෙරළ තීරයන් සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශයන් පිරිසිදු කරන ලදි.

ඉහත ව්‍යාපෘතියට සමාන ව්‍යාපෘතියක් ‘Waste-Ed’ හි අරමුණ වූයේ, වෙරළ තීරයන් පිරිසිදු කිරීම ඔස්සේ කසළ කළමනාකරණය, ප්‍රතිචක්‍රීකරණය සහ නිර්මාණශීලී ප්‍රතිභාවිතය යනාදිය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම් සිදුකිරීම ය. මීට අමතරව, අනාගත උත්සාහයන්ට අත්වැලක් වීම සඳහා ‘Active Citizens’ විසින් වෙරළ කළමනාකරණ අංශ වෙත මෙවලම් සහ කසළ බඳුන් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී●

Leave A Reply

Your email address will not be published.

one × two =