ඇෆ්ගනිස්තාන ජනාධිපති රටින් පලා යයි

ඇෆ්ගනිස්තාන ජනාධිපති අස්රෆ් ගානි මහතා මීට සුළු මොහොතකට පෙර සිය රට අතහැර ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. තලේබාන් සටන් කණ්ඩායම් කාබුල් නගරය ආසන්නයටම පැමිණ ඇති පසුබිමක අනෙකුත් සිවිල් වැසියන් හා විදේශිකයන් අනුගමනය කරමින් ජනාධිපතිවරයාද මෙසේ පලාගොස් තිබෙනවා. ඔහු මේ වන විට අසල්වැසි තජිකිස්තානයට පැමිණ ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයා ජාතිය හැර යන ලද බව ඇෆ්ගනිස්තාන ප්‍රධාන සාම නියෝජිත අබ්දුල්ලා අබ්දුල්ලා නිවේදනය කර තිබෙනවා. මේ අනුව ඇෆ්ගනිස්තානය ප්‍රතිනිර්මාණය කිරීමට සඳහා වසර 20ක් තිස්සේ බටහිර රටවල් විසින් ගන්නා ලද උත්සාහයේ අවසානය සනිටුහන් වනවා.

තලේබාන් සටන්කාමීන් කාබුල් නුවරට ආසන්න වෙද්දී අහසට නැංවුණු හෙලිකොප්ටර් යානා වලින් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ඉතිරිව සිටි නිලධාරීනුත් ඉවත් වී ගියා. නිලධාරීන් ගලවාගැනීමේ මෙහෙයුම සඳහා එක්සත් ජනපද හමුදාවේ විශාල සේනාංකයක් කාබුල් නුවරට ළඟා වී සිටියා. තානාපති කාර්යාලයේ වැදගත් ලියකියවිලි තලේබාන් සංවිධානය අතට පත් විය හැකි නිසා ඔවුන් නික්ම යෑමට පෙර ඒ සියල්ල ගිනි තබා විනාශ කර ඇති බවත් ඒ ගින්නෙන් අහසට විශාල දුමාරයක් නිකුත් වූ බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. ඇමෙරිකාව අනුගමනය කරමින් අනෙකුත් බටහිර රටවල් ද තම තානාපති නිලධාරීන් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගනිමින් සිටිනවා.

කෲර තලේබාන් පාලනයකට නතුවීමට බියෙන් පලායන කාබුල් නගර වාසීන් තමන් බැංකු වල තැන්පත් කළ මුදල් ඉක්මනින් ලබාගැනීමට කෑෂ් යන්ත්‍ර අසළ පොරකමින් සිටිනවා. කිසිවක් කරගියා ගත නොහැකි අසරණ පිරිස් දහස් ගණනක් තම පවුල් වල සාමාජිකයන් සමඟ එළිමහන් ස්ථාන වල රැස්වී සිටිනවා.
ඇෆ්ගනිස්තානය ස්ථාවර රාජ්‍යයක් කිරීමට දශක දෙකක් තිස්සේ ඇමෙරිකාව හා නේටෝ සංවිධානය ඩොලර් බිලියන ගණනක් වියදම් කළත් තලේබාන් සංවිධානය එක සතියකින් මුළු ඇෆ්ගනිස්තානයම අල්ලා ගත්තා.

ජනාධිපතිවරයා ජාතිය හැර යන ලද බව ඇෆ්ගනිස්තාන ප්රධාන සාම නියෝජිත අබ්දුල්ලා අබ්දුල්ලා නිවේදනය කර තිබෙනවා.මේ අනුව ඇෆ්ගනිස්තානය ප්රතිනිර්මාණය කිරීමට සඳහා වසර 20ක් තිස්සේ බටහිර රටවල් විසින් ගන්නා ලද උත්සාහයේ අවසානය සනිටුහන් වනවා.

– ශානක ලියනගම (ලෝකය එකම යායක්)

Leave A Reply

Your email address will not be published.

nineteen − two =