වේයන්ගොඩ නඟරය අද(15) සිට, ගම්පහ නඟරය හෙට(16) සිට වසයි

වේයන්ගොඩ නගරයේ පිහිටි තම සංගමයට අයත් සියලූ කඩසාප්පු සතියක කාලයකට වසා දැමීමට පියවර ගත් බව වේයන්ගොඩ වෙළෙඳ සංගමය පවසන අතර හෙට(16) දිනයේ සිට ලබන 23 වෙනි දින දක්වා සතියක කාලයක් නගරයේ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට පියවර ගනු ලබන බවද වාර්තා වේ.

මේ අනුව වේයන්ගොඩ නගරයේ වෙළඳ සංගමයට අයත් සියලු වෙළඳසල් 15 දින සිට 21 දින දක්වා වසා තැබීමට කටයුතු යොදා ඇත.

දිනෙන් දින කොරෝනා රෝගීන් ගේ ප්‍රමාණය වැඩි වීමත් ගත වූ කාල සීමාව තුළ දී වේයන්ගොඩ ප්‍රදේශයේ පුද්ගල මරණ 18 සිදුවීමක් සැලකිල්ලට ගනිමින් රෝගය තවදුරටත් පැතිරීම වළක්වා ගැනීමට සහාය දැක්වීම සඳහා තම සංගමය වෙළඳ සැල් වසා දැමීමට තීරණය කළ බව එහි සභාපති එස් අයි එස් වීරසිංහ මාධ්‍යට පැවසිය.

මේ අතර වෙළඳ සංගමයට අයත් නොවන වේයන්ගොඩ නගරයේ වෙළඳසැල් කිහිපයක් පමණක් අද 15 විවෘත ව තිබිණි

කොරෝනා රෝග තත්ත්වය අධික ලෙස පැතිර යාම සැලකිල්ලට ගනිමින් ගම්පහ නගරයට ජනතාව ඇදී ඒම වලක්වාලීම පිනිස ගම්පහ නගරයේ වෙළඳසල් සහ සියලුම ව්‍යාපාරික ස්ථාන හෙට (16) සිට සතියක කාලයක් වසා තැබෙන බව නාගරික එක්සත් වෙළඳ සංගමය සදහන් කරයි.

නගරාධිපතිවරයා, දිසාපතිවරයා , ප්‍රාදේශීය ලේකම්වරිය, කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කිරීමට තමන් සහ නාගරික එක්සත් වෙළඳ සංගමයේ සභාපති සුසාන් කුමරප්පෙරුම පියවරගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.

one × 1 =