GIZ හා GLX එක්ව “GLX Digital Evolver” වැඩසටහන හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නියැළී සිටින සුළු පරිමාණ ව්‍යාපාරවලට ඩිජිටල් තාක්ෂණය සමීප කරමින්, කෝවිඩ්-19 වසංගතය නොතකා ශක්තිමත්ව නැඟීසිටීමට අත-හිත දීමේ අදිටනින් යුතුව GIZ Sri Lanka සමඟ එක් වී “GLX Digital Evolver” නමින් අලුත් වැඩසටහනක් හඳුන්වා දීමට Good Life GLX  පසුගියදා කටයුතු කළේය. මෙයට ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාංත්‍යාංශය විසින් මූල්‍ය සහාය පිරිනැමෙනු ලැබේ.

මෙම වැඩසටහනේ අවසන් වටයට තෝරා ගනු ලැබූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයතන වන්නේ, Gileemale Retreat, Summer Explorers Pvt Ltd, EcoGrip” The Travel Concierge Pvt Ltd, Rediscover Sri Lanka, Detroves Travels, Nandana Tea Factory, Eco Team – Sri Lanka Pvt Ltd, Infinity Vacations සහ Jungle Beach Camp Ahungalla යන සංචාරක සේවා ආයතනයි. ඉදිරි මාස තුනක කාලයක් පුරාවට කර්මාන්තයේ ප්‍රවීණයන් සමඟ එක්ව වර්ධනීය ව්‍යාපාර අවස්ථා හඳුනාගැනීමට මෙම ව්‍යාපාර හිමිකරුවන්ට අවස්ථාව ලැබෙනු ඇත.

“GLX Digital Evolver වැඩසටහනේ අරමුණ වන්නේ තිරසාර සංවර්ධනය හා ව්‍යාපාරවල ඩිජිටල් පරිණාමය යන ඉලක්ක දෙකම ජය ගත් ව්‍යාපාර පරිසරයක් ගොඩනැඟීමයි. පාරිභෝගිකයන් වෙත ළඟාවීම, ඇප් සංවර්ධනය, සමාජ මාධ්‍ය භාවිතය හා අලෙවිකරණය පුළුල් කිරීම මෙන්ම, අඩු වියදමකින් අන්තර්ගත ප්‍රවර්ධනය කළ හැකි වෙබ් අඩවි නිර්මාණය කිරීම ආදිය අංශ මෙම වැඩසටහන ඔස්සේ සිදුකිරීමට කටයුතු සූදානම් කර තිබේ.

Digital Evolver පිළිබඳ අදහස් දක්වමින්, Good Life X හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී, රන්දුලා ද සිල්වා පැවසුවේ, එය සංචාරක කර්මාන්තය හා සම්බන්ධ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් නඟාසිටුවීම වෙනුවෙන්ම විශේෂයෙන්ම සකස් කළ වැඩසටහනක් බවයි. “ඔවුන් දුෂ්කරතාවන් රාශියක් මැද ව්‍යාපාර කටයුතුවල නියැළෙන්නේ. නමුත්, ඒ සියල්ල අතරේදීත් ඔවුන්, ප්‍රජාව සහ පරිසරය පිළිබඳවත් ඉහළ අවධානයක් යොමු කරමින් කටයුතු කරනවා. එම නිසා ඔවුන්ට නවීන ක්‍රම භාවිත කරමින් ඔවුන්ගේ ව්‍යාපාර සංවර්ධනය කරගැනීමට, යහපත් හෙට දවසක් උදා කරන මෙවැනි කාර්යයක් සිදුකිරීමට ලැබීමත් විශාල සතුටක්” යයි ඇය වැඩිදුරටත් පැවසුවා ය●

Leave A Reply

Your email address will not be published.

nine − eight =