අම්බලන්තොට නගරයත් වැසීමට වෙළෙඳ සංගමය තීරණය කරයි

රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ඊයේ දින රටේ නගර කිහිපයක්ම ඊයේ (13)සිට වසාදැමීමට තීරණය කල අතර හෙට (15) සිට අම්බලන්තොට නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට අම්බලන්තොට වෙළඳ සංගමය තීරණය කර තිබේ.

රටක් වසයෙන් මුළු රටම වසා දැමියයුතු තත්වයක් තිබෙන බවට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරමින් තිබෙන මොහොතක අම්බලන්තොට අවට ප්‍රදේශවලද කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක් ඇති බැවින් එම ප්‍රදේශවල ජනතාව නිරන්තරයෙන් අම්බලන්තොට නගරය වෙත පිවිසීම හේතුවෙන් වෙළෙඳ සංගමය මෙම තීරණය ගෙන ඇත.

අම්බලන්තොට වෙළෙඳ සංගමයේ ලේකම් ඒ. එච්. ප්‍රේමචන්ද්‍ර මහතා කියා සිටියේ මෙම තීරණය සතියක පමණ කාලයක් ක්‍රියාත්මක කරන බවත් ඉදිරියේදී රටේ තත්ත්වය සලකාබලා වෙළෙඳසැල් විවෘත කිරීමට හෝ තවදුරටත් වසා තැබීමට තීරණයක් ගන්නා බවය.

 

Leave A Reply

Your email address will not be published.

15 − eight =