වයස 30 ත් 59 අතර අය දිනකට 35 ක් මියයන තත්වයට පත්වෙලා

කොවිඩ් ආසාදිතවූ තවත් 160 දෙනකු ඊයේ (13) දිනය තුළ මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,935 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර ඊයේ (13) මියගිය 160 දෙනා අතරින් 35 දෙනෙකු වයස අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන පිරිස වන අතරම පෙරේදා (12) දින වාර්තා වූ 156 දෙනා අතරින්ද 35 දෙනෙකු වයස අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන්නන්ය. මෙය ඉතා බරපතල තත්වයක් වන බව සෞඛ්‍ය අංශ පවසයි.
.
මේ අතර ඊයේ මියගිය 160 දෙනා අතරින් 124 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 35 දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද වෙති.

Leave A Reply

Your email address will not be published.

nineteen + 14 =