තවත් වසර ගණනාවක් පුරාවට යුධ ජයග්‍රහණයේ සතුට මේ ඡායාරූපයෙන් ලෝකයාට කියාපාවි

වසර 76කට පෙර අද වගේ දවසක ගත් ඡායාරූපයක්.එය V-J හාදුව නමින් විවිධ කාලයන් හිදී ලෝ පුරා ප්‍රකට විය.
V-J යනු ජපානයට එරෙහි යුධ ජයග්‍රහනය ලබාගත් දිනයයි.
ජපානය කොන්දේසි විරහිත යටත්වීමක් පිළිගන්නා බව දැන්වීමෙන් පසු දෙවන ලෝක සංග්‍රාමයේ අවසානය සනිටුහන් වීමේ සතුට සමරමින් 1945 අගෝස්තු මස 14 වෙනිදා සන්ධ්‍යාවේ ඒ මහත් ප්‍රීතිය බෙදාගැනීමට ඇමරිකාවේ ටයිම්ස් චතුරස්‍රයට එක්වූ මිලියන දෙකකටත් අධික මිනිසුන් අතරින් එක් නන්නාදුනන නාවික සෙබලෙක් සිය යුධ ජයග්‍රහණයේ සතුට අහඹු ලෙස හමුවූ තවත් නන්නාදුනන සෞඛ්‍ය සේවිකාවකට එක්වරම හාද්දක් ලෙසින් මෙසේ ප්‍රධානය කලේය.
ඒ අහඹු සිදුවීම නිශ්චිත නිමේෂයේදීම ඇල්ෆ්‍රඩ් අයිසන්ස්ටෙඩ් නම් ඡායාරූපය ශිල්පියා සිය කැමරා කාචයේ සේයා පටල අතර තවරා ගත්තේය.ඒ ඡායාරූපය LIFE සඟරාවේ පලවිය.නමුත් ඡායාරූපයේ සිටින තරුණිය සහ තරුණයාගේ අනන්‍යතාවන් කිසිවෙකුත් නොදැන සිටියහ. LIFE සඟරා කතුවරයා ඔවුන්ට තම අනන්‍යතාවන් ප්‍රසිද්ධ කරන මෙන් විවෘත ආරාධනාවක් කළද කිසිවෙකුත් ඒ තමන් යැයි කියමින් ඉදිපත් නොවීය. නමුත් ඉන් දශක කීපයකට පසු ඔවුන් කවුරුන්දැයි හඳුනාගන්නා ලදී.ඔහු “ජෝර්ජ් මැන්ඩොන්සා”ය.ඇය “ග්‍රේටා සිමර්” ය.
ග්‍රේටා ජෝර්ජ් අහඹු හාදු දීම සිදුවී දැන් වසර 76ක් ගෙවී ගොස්ය.වර්තමානයේ ජෝර්ජ් හෝ ග්‍රේටා හෝ ජීවතුන් අතර නැත. අවම වශයෙන් ඡායාරූපය ශිල්පියා හෝ නැත.නමුත් ඡායාරූපය පවතී. තවත් වසර ගණනාවක් පුරාවට යුධ ජයග්‍රහණයේ සතුට මේ ඡායාරූපයෙන් ලෝකයාට කියාපාවි.
– සංකල්ප ගුණතිලක

Leave A Reply

Your email address will not be published.

one × three =