“මරණයේ රමණයක ආශ්වාදය විඳගන්න කැමති අය විතරක් කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලට එන්න”

රෝමය ගිණි ගනිද්දී නීරෝ වීනා ගැහුවා වගේ මේ වෙලාවේ නාට්‍යය පෙන්නන්නේ උඹට පිස්සුද කියලා සමහරු මගෙන් අහනවා. මට ඒකට කියන්න තියෙන්නේ, “මේ වෙලාව“ කියන එක අද හෙට හෝ අනිද්දා ගෙවිලා ඉවර වෙන වෙලාවක් නෙවෙයි. ඩෙල්ටා ඉවර වෙනකොට එප්සිලෝන් මග එනවා. ග්‍රීක් හෝඩියත් මදි වෙයි අළුතින් හැදෙන ඒවාට නම් දාන්න. ඒ සේරම ඇවිල්ලා යනකල් “මේ වෙලාව“ ගෙවෙන්නේ නැහැ.
සමහර විට එතකොට අපි බොහෝ දෙනෙක් ගේ ජීවිත කාලය ඉවර වෙලා තියෙයි. මැරි මැරී ජීවත් වීමේ වුවමනාවක් නැහැ.
අපි සෙනසුරාදා අද ( 14 ) සවස 3:30 ට සහ 7:00 ට සැලසුම් කල පරිදි කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ “ඇන්ටික් කඩේක මරණයක්” රඟ දක්වනවා.
ඉතිං අපෙන් කොවිඩ් ව්‍යාප්ති වෙන එක වලකන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක් ම අරගනයි අප රඟ දක්වන්නේ. රඟ හලට ඇතුළු වෙන තැන ඉඳන්, පිටවන තුරුමත් හැමදෙයක් ම පිළිවෙලට සැලසුම් කරලා තියෙනවා. මාකට් එකේ, මග තොටේ හමු නොවන අමුතු කොරෝනාවක් රඟහලේ දී හමුවෙන්න විදියක් නැහැ.
මරණයේ රමණයක ආශ්වාදය විඳගන්න කැමති අය විතරක් එන්න. මෙය කිසිසේත්ම බලහත්කාරයක් නෙවෙයි…
සෞම්‍ය ලියනගේ
පසන් රණවීර
නිපුණි ශාරදා
ස්ටෙෆාන් තිරිමාන්න
චින්තක ජයකොඩි ඇතුළු ගායන වාදන වෘන්දය
සමඟ
ඇන්ටික් කඩේක මරණයක්
අද සවස 3:30 ට සහ 7:00 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී..
– අශෝක හඳගම

Leave A Reply

Your email address will not be published.

1 × two =