රටම ගිනිගනිද්දී අපි ෂේප් න්‍යාය – සේවකයන් කැඳවීම නවතා ජනපති කාර්යාලය ආරක්ෂා කරයි!

කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ජනාධිපති කාර්යාලය ආරක්ෂා කිරීම සඳහා විශේෂ විධිවිධාන යොදමින් පවතී. අගෝස්තු මස 11වන දින ජනාධිපති අතිරේක ලේකම්වරයකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙල විසින් මේ පිළිබඳව ලිපියක් යොමු කර තිබේ. ‘කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රාජකාරී පවත්වා ගැනීම’ යන ශීර්ෂයෙන් මෙම ලිපිය යොමු කර ඇත්තේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු අංශ ප්‍රධානීන් වෙතයි.
එහි සඳහන් කර ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නැවත දැනුම් දෙන තුරු කාර්යාලවලට තව දුරටත් පැමිණිය යුත්තේ මාණ්ඩලික නිලධාරීන් පමණක් බවයි. ඒ හැර සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයන් ගෙන්වා ගැනීම නතර කර ඇත. විශේෂ වූත් අත්‍යවශ්‍ය වූත් කරුණක් සඳහා පමණක් පැමිණිය හැකි වන්නේ පූර්ව අනුමැතියකින් පසුව පමණක් බව ද එහි සඳහන් ය.
එහෙත්, මීට පෙර රාජ්‍ය සේවයේ නියුතු සියල්ලන්ටම පෙර පරිදි රාජ්‍ය සේවයට පැමිණෙන ලෙස චක්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබිණි.

Leave A Reply

Your email address will not be published.

two × one =